ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් මේ වසරේත් වාර්තාගත ලාභයක් හොයලා ලාභ පෙන්වයි

2025 වසරේ සැප්තැම්බර් 30 වන විට LOLC ෆිනෑන්ස් පීඑල්සී මෙම වසර සඳහා රුපියල් බිලියන 14.02 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්වී තිබේ.

සමාගම සඳහන් කරන්නේ 2024 වසරේ එම කාලසීමාවේ දී වාර්තා කළ රුපියල් බිලියන 8.14 ක බදු පසු ලාභය හා සැසඳීමේ දී මෙම බදු පසු ලාභය 72 % ක වර්ධනයක් වන බවයි .

කෙසේ නමුත්, LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන්නේ ඉහළ ශුද්ධ පොලී ආන්තික, වැඩිදියුණු වූ වත්කම්වල ගුණාත්මක බව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මෙම සාර්ථකත්වය සඳහා හේතු වූ බවයි‍‍.

මෙම සමාගමේ ඉහළම ආදායම් ලබන ක්ෂේත්‍රය ලෙස තිබෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේ ක්ෂේත්‍රයයි. මෙම ණය දීම හරහා ගිණි පොලියක් අයකිරීම සිදුකරයි.

ඊට අමතරව වාරිකයක් ගෙවීමට නොහැකි වුවහොත් දඩ පොලී වැල් පොලී ගෙවීමට සිදුවේ. මෙම සමාගම් ලාභ ලබන්නේ මේ ආකාරයෙන් දුප්පත් ජනතාව සූරා කෑමෙන් විනා ඔවුන් කියන ආකාරයේ මූල්‍ය විනයක් පවත්වා ගැනීමෙන් නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...