2025 වසරේ සැප්තැම්බර් 30 වන විට LOLC ෆිනෑන්ස් පීඑල්සී මෙම වසර සඳහා රුපියල් බිලියන 14.02 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්වී තිබේ.
සමාගම සඳහන් කරන්නේ 2024 වසරේ එම කාලසීමාවේ දී වාර්තා කළ රුපියල් බිලියන 8.14 ක බදු පසු ලාභය හා සැසඳීමේ දී මෙම බදු පසු ලාභය 72 % ක වර්ධනයක් වන බවයි .
කෙසේ නමුත්, LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන්නේ ඉහළ ශුද්ධ පොලී ආන්තික, වැඩිදියුණු වූ වත්කම්වල ගුණාත්මක බව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මෙම සාර්ථකත්වය සඳහා හේතු වූ බවයි.
මෙම සමාගමේ ඉහළම ආදායම් ලබන ක්ෂේත්‍රය ලෙස තිබෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේ ක්ෂේත්‍රයයි. මෙම ණය දීම හරහා ගිණි පොලියක් අයකිරීම සිදුකරයි.
ඊට අමතරව වාරිකයක් ගෙවීමට නොහැකි වුවහොත් දඩ පොලී වැල් පොලී ගෙවීමට සිදුවේ. මෙම සමාගම් ලාභ ලබන්නේ මේ ආකාරයෙන් දුප්පත් ජනතාව සූරා කෑමෙන් විනා ඔවුන් කියන ආකාරයේ මූල්‍ය විනයක් පවත්වා ගැනීමෙන් නොවේ.






