ලසන්තගේ නඩුවේ සැකකරුවන් නිදහස් වන්නේ විශ්‍රාමික හමුදා සාමුහිකයට දුන් පොරොන්දුවක් මතද

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන්නට නීතිපතිවරයා ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ජනමාධ්‍ය සමාජය තුළ බරපතළ කතා බහක් නිර්මාණය වී තියෙනවා . මේ සිදුවීම හරහා ආණ්ඩුව ප්‍රශ්න කරමින් සිටින අතර ලසන්තගේ ඝාතනයට මෙසේ චෝදනා ලැබ සිටින පුද්ගලයන් හමුදා නිලධාරීන් වීම හේතුවෙන් මේ නිදහස් කිරීමට බලපා ඇත්තේ හමුදා සාමුහිකයේ ඉල්ලීමක්ද කියන සැකය අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මතු කරනු ලැබුවා.


අදහස් දැක්වූ දුමින්ද සම්පත්

ලසන්තගේ ඝාතනය තමයි කළු ජනවාරි සමයේ සිදුවෙච්ච දරුණුතම සහ ප්‍රබලතම ඝාතනය. යම් සාධාරණයක් යුක්තියක් ඉෂ්ට වෙයි කියලා ජනමාධ්‍ය සමාජයේ විශ්වාසය තියාගෙන හිටියේ ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙනුයි. ඒ ඝාතනයේ සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් තවදුරටත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වලා ලිපියක් යවලා තියෙනවා. ප්‍රධාන නඩුවක චූදිතයන් තුන්දෙනෙක් සම්බන්ධයෙන් තමයි නීතිපතිවරයා මේ පියවර අරගෙන තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපට බරපතළ ගැටළුවක් මතුවෙනවා. මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩු ගිය පාරේම ද යන්නේ කියන බරපතල සැකය අපට තියෙනවා.


ජනාධිපති වෙන්න සහාය දෙන්නම් අපරාධ චෝදනා ලද නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න එපා.

මේ සැකකරුවන් තුන්දෙනා හිටපු ආරක්ෂක අංශ නිලධාරීන් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා නීතිපති කියන එක හරහා අපට පොඩි සැකයක් මතුවෙනවා. මේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී පිහිටුවා ගත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සංසදය කළ ඉල්ලීමක් තියෙනවා. ඔවුන් ඉල්ලා සිටියා හමුදාවේ අපරාධවලට සම්බන්ධ චෝදනාවක් ලැබූ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න කියලා. ඒ ඉල්ලීම ජනාධිපතිවරයා ඉෂ්ට කරනවද කියන එක තමයි අපේ සැකය


මේ සිදුවීම ජනමාධ්‍ය සමාජය ඉවසන්නේ නැහැ

අපි ජනාධිපතිවරයගෙන් අහනවා මේ සම්බන්ධයෙන් ලිස්සලා යන්න බලපාන කාරණා මොනවද කියලා. ජනමාධ්‍ය සමාජයට ඒ ගැන කියන්න කියලා. මෙවැනි සිදුවීම් ඉදිරියටත් සිදුවෙනවා නම් ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීමට අපට ඉදිරියේදී සංවිධානය වෙන්න සිදුවෙනවා. අපි මේ ආණ්ඩුවට බලපෑම් කරලා කියනවා ඔබට වග වීමක් තියෙනවා, ඔබ පොරොන්දු දුන්නා, ජනමාධ්‍ය සමාජයට එරෙහි වෙච්ච අපරාධයන්ට යුක්තිය ඉටු කරනවා කියලා.
අපි ආණ්ඩුවෙන් අහන්නේ යුක්තිය ඉටු කරන්නේ මෙහෙමද කියලයි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...