ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති ගත්  තීන්දුවට එහි විරෝධතාවය 

ලසන්ත ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට  නීතිපතිවරයා ගත් තීන්දුවට එරෙහිව අද ජනමාධ්‍යවේදීන් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නියැලුණා. තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ,  සිවිල් ක්‍රියාකාරිකයින් ජනමාධ්‍යවේදීන් ඇතුළු බොහෝ පිරිසක් මේ විරෝධතාවය සඳහා සම්බන්ධ වී සිටීම විශේෂත්වයක්.

ලසන්ත ඇතුළු ජනමාධ්‍යවේදීන්ගේ ඝාතනයට  සම්බන්ධ පිරිස හෙළිදරව් කිරීම සහ ඊට අදාළ  නීතිය ක්‍රියාත්මක කිරීම දෙස විමසිල්ලෙන් බලාගෙන සිටින මොහොතක නීතිපතිවරයා ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට  අත්අඩංගුවට ගෙන සිටින  සැකකරුවන් මෙසේ නිදහස් කිරීමට කටයුතු කිරීම නීතිය පිළිබඳ විශ්වාසය තබන කාගේත් කනස්සල්ලට  හේතුවක් වී තියනවා.

Share post:

Popular

වෙනත් පුවත්

“හොරු ඇල්ලීමේ සහ කුඩු ඇල්ලීමේ නාට්‍ය”  මර්ධන පනත් ගෙන එන්න ආණ්ඩුවට ලැබුණු සහතිකයක් නෙමෙයි

ආණ්ඩුව PSTA ( ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත) සහ...

පෑනටත් නීතියේ සීමා වැටෙයිද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත හමුවේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස...

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...