ජන සහභාගිත්වය සහිත බලයක් නිර්මාණය කිරීම අපේ අරමුණ – කුමාර් ගුණරත්නම්

රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන සුහද හමුවක්  නොවැම්බර් 16 වන ඉරිදා සවස වෙරෝනා  නගරයේදී සංවිධානය කර තිබුණා. එය  සංවිධානය කරනුු ලැබුවේ වෙරෝනා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකත්වය විසිනි.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්ගේ කෙටි දේශපාලන අදහස් දැක්වීමෙන් පසුව පැමිණ සිටි පිරිසට සංවාදයට අවස්ථාව විවර විය. වර්තමාන ආණ්ඩුවේ ඉදිරි දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ට ප්‍රශ්න ගැටළු තිබුණු අතර මේ මොහොතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආණ්ඩුවට එරෙහිව කරන චෝදනාවන් පිළිබඳවද, එක්ව ගමනක් යන්නට කටයුතු නොකිරීම පිළිබඳව ද  පැමිණ සිටි පිරිස අතරින් විවිධ අදහස් මතු විය.

එහිදී වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් තමන්ගේ අදහස් සහ ස්ථාවරයන් පැහැදිලි කළ කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවට කරන විවේචන හමුවේ පැරණි විපක්ෂයට යළි බලය තහවුරු කර ගැනීම සඳහා අවස්ථාව නිර්මාණය කර දීමට තමන් ක්‍රියාමාර්ග තෝරන්නේ නැති බවයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අරමුණ ජන සහභාගිත්වය සහිත බලයක් නිර්මාණය කිරීම බවද ඔහු කියා සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...