ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් ගන්න වෙන්නේ පොදු ප්‍රවාහනය දුර්වල නිසාලු

රජයේ වාහන නොගෙන බස් එකේ, කෝච්චීයේ ගොස් ජනතාවට සේවය කරන බවක් හෝ ජනතාවට නොමැති කිසිවක් ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් නොගන්නා බවක් හෝ තම පක්ෂය කිසිම තැනක ප්‍රකාශ කර නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

තමනුත් බස්වල වැඩට යාමට කැමති නමුත් 76 වසරක් තිස්සේ රට පාලනය කළ දේශපාලනඥයින්ගේ වැරදි නිසා තමන්ට රජයෙන් ඩබල් කැබ් ගැනීමට සිදුව ඇති බවයි ඒ මහතා සඳහන් කර ඇත.

“උදාහරණයකට මම අමාත්යාංශ වාහන පාවිච්චි කරන්නෙ. මම පාවිච්චි කරන වාහන දෙකක් තියෙනවා. මාරුවෙන් මාරුවට අවශ්‍යතාවට, ඒ කියන්නෙ අරක සර්විස් කරනකොට තව එකක්. මේ දෙකම සර්විස් කරලා ටික දවසක් යනකොට ආයෙ ප්‍රශ්න. හරිද ? එක්කෝ AC එක කැඩෙනවා, නැත්නම් රෙගියුලේටර් එක කැඩෙනවා, මොකක් හරි ප්‍රශ්නයක්. හරිද ? දැන් එක වාහනයක් හදන්න දාලා සතියකට වැඩියි. එක වෙලාවක ලක්ෂ 14ක් ගියා. ඒ කියන්නෙ මේවා ඉතාම පරණ, දුවන්න බැරි, ඒ තත්වයේ තියෙන වාහන තියෙන්නෙ. රජයේ වාහනත් එහෙමයි”

ප්‍රශ්නය – ඒ කාලෙ ඔහොම නෙවෙයිනෙ කිව්වෙ. බස් එකේ, කෝච්චියේ ගිහින් වැඩ කරනවා කියලානෙ කිව්වෙ. ජනතාවට නැති මොකුත් අපට එපා කියලාත් කිව්වානෙ ?

“අපි කොහෙවත් එහෙම කියලා නෑ. මට පෙන්වන්න ඔහොම කියලා තියෙනවා නම්. මම අභියෝග කරනවා. කොහෙද එහෙම කියලා තියෙන්නෙ කියලා මට පෙන්වන්න. මේ රටට බොරු කියන්න එපා. මෙන්න තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශය, මේකෙ කොහෙද එහෙම කියලා තියෙන්නෙ ? අපි කැමතියි බස් එකේ කෝච්චියෙ යන්න, හැබැයි එහෙම රටක් අවුරුදු 76ක් තිස්සෙ හැදුවෙ නෑ ඕගොල්ලො. බස් එකේ කෝච්චියෙ යන්න තරම් ගමනාගමන පහසුකම් තියෙන, වෙලාවට බස් තියෙන රටක් හදලා තිබ්බා නම් අපි අද වාහනවල යන්නෙ නෑ”

මහින්ද ජයසිංහ මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.

උපුටා ගැනීම – lankanews

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...