Breaking News

විකට පාර්ලිමේන්තුවේ විකට හිට්ලර්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිද පාර්ලිමේන්තු මන්ත්‍රී ද කියලා හිතාගන්න බැරි තරමට රනිල් වික්‍රමසිංහ ඉන්නේ පාර්ලිමේන්තුවේ. රටේ ජනතාවගේ මනාපයෙන් ජනාධිපති බවට පත්වෙච්ච හැම ජනාධිපති වරයෙක්ම විශේෂ අවස්ථාවන් වල දී පාර්ලිමේන්තුවට ආවා මිස නිතර නිතර පාර්ලිමේන්තුව තුළ කරක්  ගැහුවෙ නැහැ. ඉතින් රනිල්ගේ පැත්තෙන් බලපුහාම රනිල් නිතරම පාර්ලිමේන්තුවට එන එකේ සැඟවුණු රහසක් තියෙනවා. වෙන කිසිවක් නෙවෙයි රනිල් යනු රටේ ජනතාවගේ ජනාධිපති නොව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි 134ක  ජනාධිපති වීමයි ඒ රහස. ඉතින් මේ  අටවපු ජනාධිපති නොහොත් රනිල් වික්‍රමසිංහ නිතර පාර්ලිමේන්තුවට පැමිණ තමන්ව ජනාධිපති බවට පත් කරපු පොදුජන පෙරමුණේ  පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසට ආතල් එකක් දීලා යන එක එක්තරා විදිහක ඔහුගේ යුතුකමක්.

රනිල් වික්‍රමසිංහ ජනතාවට වග නොකියන නිසා හැමතිස්සෙම රනිල් වික්‍රමසිංහ බලන්නේ පාර්ලිමේන්තුවේ තමන්ව ජනාධිපති කරපු 134 දෙනාට වගකියන්න. නිකමට ඔබ කල්පනා කරල බලන්න මේ පහුගිය දවස් වල රනිල් වික්‍රමසිංහ තමන්ගේ ගෝලබාලයන් ලවා කරළියට ගෙනාපු සමහර යෝජනා අණපනත් ඒවා රටේ ජනතාවට යහපත් ලෙස බලපාන දේවල් නෙමෙයි. පාර්ලිමේන්තුව තුළ බලය රඳාවා ගැනීම සඳහා එහෙම නැත්නම් මේ ජනතාද්‍රෝහී ආණ්ඩුවක් ජනතාද්‍රෝහී ජනාධිපතිවරයා ආරක්ෂා වීම සඳහා ගෙනාපු සහ යෝජනා. රනිල් වික්‍රමසිංහ තමන් හිට්ලර් කෙනෙක් බව ප්‍රකාශ කර ගනිමින් ජනතාව බියට පත් කරන්නට උත්සාහ දැරීමත්,  ලෝක බැංකුවේ උවමනාව මත ලේඛන ගත කරපු ඉදිරි වර්ෂය තුළ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගන්නට සැකසූ අය වැය තුළින් පවා ඔහු ඉටු කරමින් සිටින්නේ ශ්‍රී ලංකා වාසි ජනතාවගේ අභිලාෂය නොව හතළිස් වසරක් පුරාවට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඔහු පෙනී සිටි  කොල්ලකාරී ආර්ථිකයේ ඉදිරි පැවැත්ම තහවුරු කරගෙන ගමන් කිරීමේ උවමනාවයි.

රනිල් සමග හෝ මේ පාර්ලිමේන්තුව සමඟ තවදුරටත් ඉදිරි ගමනක් රටේ ජනතාවට ඉතිරි වි නැහැ. ජනතාවට ඉතිරි වී තිබෙන්නේ මේ දෙපාර්ශ්වයම පන්නා දමා නව ජනතාවාදී පාලනයක්  සහ ජනතාව අතට බලය කේන්ද්‍රගත වෙන නව ව්‍යවස්ථාවක් වෙත හුවමාරු වීමයි.

ජනතා උවමනාව සාක්ෂාත් කරගැනීමට  තවදුරටත් ඉතිරිවී තිබෙන්නේ අරගලය මිස වෙන කිසිදු අතරමැදි ක්‍රියාමාර්ගයක් නෙවෙයි. එහෙයින් අපි හෙට දිනේ ජනතාවට යෝජනා කරන්නේ ජනතාව අතට බලය හුවමාරු වෙන අරගලයක් වෙත නැවත පිවිසීමට අවශ්‍ය කරන මෙවලම් ඒකරාශී කර ගැනීමයි .

රනිල්ලා කරන විහිළු දෙස බලාගෙන සිනාසී සිටින්නේ නැතිව අරගලය වෙනුවෙන් පාරට පිවිසීම හෙට දවසේත් ඉතිරි වී තිබෙන එකම තෝරාගැනීමයි.

leave a reply