අගේ ජීවිතය කොරෝනා වෛරසයේ අතුරු කතාවක්

ඇය නිවියෝක් නගරයේ Presbyterian Allen රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ලෝනා බ්‍රීන්ය ( . Lorna Breen,) පසුගිය 27 වැනි දින ඇය රෝහලේ සිට ගෙදර ගිය පසු නිවියෝක් පොලිස් දෙපර්තමෙන්තුවේ සේවය කල දැන් විශ්‍රාමික සුවයෙන් සිටින තාත්තාගේ රයිෆලය ගෙන එය තමාවෙතට හරවා එහි ට්‍රිගරය ඇද්දාය. වර්ජිනියාවේ චාලට්ස්විල් රෝහලට ඇය ගෙන ගියද එහිදී ඇය මියගියාය.

ඊට විනාඩි කිහිපයකට පසු ලෝනා බ්‍රීන් සේවය කල Presbyterian Allen රෝහලට පනිවිඩයක් ලැබිණි. ඒ රෝහලේ අධ්‍යක්ෂිකාව සිය දිවිනසා ගත් බවයි.

49 හැවිරිදි ලෝනා සිය රෝහලේ වෛරස් රෝගීන් වෙනුවෙන් ඉදිරිපෙල කාර්යභාරයක් කල වෛද්‍යවරියකි. එහෙත් ඇය සෑම මොහොතකම සිටියේ වරින් වර මිය යන රෝගීන් අසලය. මියයන්නාගේ වෙිදනාව කමිපනය සහ ඉකිය ඇයට දරා ගත නොහැකිවිය. ඇගේ වචනවලින්ම පවසනවානමි ඇයට පිස්සු හැදී තිබිණි. මෙම වසංගතයේදී වෛද්‍යවරු පරාදය.එසේ තිබියදී ඔවුන් ගේ කැපවීම වෙනුවෙන් නිවියෝක් නුවරුන් අත්පොලසන් දෙමින් කෘතවෙිදීත්වය පෙනන්වන විට ඇය වඩාත් අසරණයය . මක්නිසාද ඇය සිතුවෙි එය ලැබීමට ඔවුන් නුසුදුසු බවයි.

ඒ අතරතුර ඇයටද වෛරසය ආසාදනය විය. සිය නිවෙසේ සති දෙකක නිරෝධායන කාලයක් ගෙවූ ඇය එය අවසන් වු පසු නැවත සිය රාඡකාරිය කිරීමට රෝහල වෙත පැමිනියාය. රෝහල කිවෙි ” ඔබ තව විවෙික ගන්න, නැවත ගෙදර යන්න ” කියා පමණකි.

ආපසු හැරුණු ඇය නැවත නිවසෙට ගියේ තාත්තාගේ තුවක්කුව තමා සුවපත් කරුනු ඇතැයි යන කලකිරුනු සිතින් විය හැක.කෙසේ වුව සිටිය යුතුම මොහොතක සිටිය යුතු අයෙක් ලොවට අහිමිවිය. ඒ ගැන ඇගේ රෝහල ‍‍මෙසේ කියයි “මෙහි ඇති ආතතිය නිසා සෑම කෙනෙකුම පිස්සු වැටේ” .”කාර්ය මණ්ඩලය උමතු සහගත වන අතර අධෛර්යයට පත්වේ. ඇය ගතික පෞරුෂයකින් හෙබි ශ්‍රේෂ්ට ගැහැණියක් ඉතින් “ඇය ආතතියෙන් මිදුණා”

ඇගේ රෝහල් මිතුරෝ සිය සංවෙිගය තම ෆේස් බුක් පිටුවල දමා තිබුනේ මෙසේය.

‘‘ලෝර්නා, ඔබට අපව සදහටම මග හැරෙනු ඇත,“ඔබ සැබෑ මිතුරෙක් සහ දයානුකම්පිත රණශූරයෙක්. ආරක්ෂිත ගමන්. ”
වෛද්‍ය රිච් වයිස්

‘‘ ඇය අග්‍රගන්‍ය යේ මානව මැණිකකි. ඒ සිනහව නිසා ඇයව දැකීමෙන් අපට සතුටක් වුණා. ”— වෛද්‍ය ලිස් එඩෙල්ස්ටයින්

‘‘, “තවමත් එකඟ විය නොහැක. එය තේරුම්ගත නොහැක.“වෛද්‍ය ලෝර්නා බ්‍රීන් සිහි කිරීම. R.I.P.,—-නෝර්ත්වෙල් හෙල්ත් හි හෙද සහකාර අධ්‍යක්ෂිකා නීනා එන්ග්,

උපුටා ගැනීම උපාලි ජයසිංහ මුහුණු පොතෙන්

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...