Breaking News

2024 වසරේ T20 තරගාවලියේ සම සත්කාරකත්වය ඇමරිකා එක්සත් ජනපදයට,2026 ලංකාවට

එක්සත් ජනපදය සිය පළමු ප්‍රධාන ක්‍රිකට් තරඟාවලියක් සඳහා සත්කාරකත්වය ලබා දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අඟහරුවාදා නිවේදනය කළේය. ඒ අනුව 2024 T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සමග ඇමරිකා එක්සත් ජනපදය සත්කාරකත්වය ලබා දීමට සූදානමින් සිටී.

T20 හෝ ඕවර 50 ලෝක කුසලානයක පිලේ තරගාවලියක් සඳහා ඇමරිකා එක්සත් ජනපදය කිසිදිනෙක සහභාගි වී නැතත් ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම සඳහා පියවරක් හැටියට මෙම වස්ථාව යොදා ගැනීමට පුළුවන් බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඇමරිකාවේ ජනප්‍රියම ක්‍රීඩා බවට පත්වී තිබෙන්නේ බේස්බෝල්ය.

ICC විසින් 2030 දක්වා T20 තරඟ සත්කාරකත්වය ලබාදෙන රටවල් නාම ලේඛනය ප්‍රකාශයට පත් කළ අතර ආරක්‍ෂක හේතූන් මත මෑතක සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් තොර වූ පකිස්තානය 2025 දී ඕවර 50 චැම්පියන්ස් කුසලානය පැවැත්වීමට නියමිතය. මෙය 1996 එක්දින ලෝක කුසලානය පැවැත්වීමෙන් පසු පාකිස්තානයේ ක්‍රීඩා කරන පළමු ප්‍රධාන ගෝලීය ක්‍රිකට් තරඟාවලිය වේ.

පසුගියදා නිමාවට පත්වූ T20 තරගාවලියේ සුපිරි 12 අදියරට පැමිණි නැමීබියාව, 2027 එක්දින ලෝක කුසලානය අවසන් වරට සම සත්කාරකත්වය දැරූ දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ සමඟ බෙදාගෙන පළමු වරට සත්කාරකත්වය දැරීමට නියමිතය.

2030 T20 ලෝක කුසලානයේ සම සත්කාරකයන් ලෙස අයර්ලන්තය සහ ස්කොට්ලන්තය ද එංගලන්තය සමඟ නම් කරන ලදී.

තරඟ කාලසටහන

T20 ලෝක කුසලාන

2026 : බටහිර ඉන්දීය කොදෙව්, ඇමරිකා එක්සත් ජනපදය
2026: ඉන්දියාව, ශ්‍රී ලංකාව
2028: ඕස්ට්‍රේලියාව, නවසීලන්තය
2030: එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය

ODI පන්දුවාර 50 ලෝක කුසලාන

2027: දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, නැමීබියාව
2031: ඉන්දියාව, බංග්ලාදේශය

ඕවර 50 ශූරයන්ගේ කුසලානය

2025: පකිස්ථානය
2029: ඉන්දියාව

leave a reply