කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය වරුණ දිසානායකට රෝහල තුලදී පහරදුනේ ආණ්ඩුවට සම්බන්ධ මැරයන්

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කරන වෛද්‍ය වරුණ දිසානායක මහතාට රෝහල තුලදී පහරදුන් ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස අත්අඩංගුවට නොගැනීම.

උක්ත පහරදීම සඳහා 2021. 01. 19 දින රාත්‍රී 10.00 ට පමණ රෝහලට පැමිණි තිදෙනෙකුගේ කණ්ඩායමකින් එක් අයකු පමණක් අත්අඩංගුවට ගෙන ඇතත් ඉතිරි දෙදෙනා මේ දක්වා අත් අඩංගුවට ගෙන නොමැති බව අප වෙත දැනගැනීමට ලැබී තිබේ.

දැනටමත් පහරදීමෙන් ලද තුවාල හේතුවෙන් වෛද්‍ය වරුණ දිසානායක මහතා කුරුණෑගල රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. රාජකාරී වෙලාව තුලදී රෝහල් පරිශ්‍රයට පැමිණ සිදුකල මෙම මැර ප්‍රහාරයට සම්බන්ධ පිරිස ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

දේශපාලන බලපෑම් හේතුවෙන් ඉතිරි දෙදෙනා අත්අඩංගුවට නොගෙන්නේදැයි සාධාරණ සැකයක් මතු වී ඇත. එබැවින් මෙම පහරදීමට අදාල සියලූ දෙනා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර එසේ නොවන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද දන්වා සිටිමු.

වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප්‍රධාන ලේකම්
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

Share post:

Popular

වෙනත් පුවත්

2025 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන යෙන් පිදුම් ලත් එරික් ඉලයප්ආරාරච්චිගේ සුනඛ ආර්යා – අගැයීමක්

එරික් ඉලයප්ආරාරච්චි 2025ලියූ නවකථාච සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍යය...

මේ පොලිස් ගුරුසිංහ පෙර කළ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වුණාද ?

ඉෂාරව මරපු ගුරුසිංහ කියන්නේ පොලීසියේ DIG ගුරුසිංගේ පුතා.! වත්මන්...

බෝන් අගේන් ක්‍රිකට් මාධ්‍ය ප්‍රධානියාගෙන් මාධ්‍යට ගොං පාර්ට් තර්ජන

තිලංග සුමතිපාලගේ නැට්ටේ එල්ලී පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...