කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය වරුණ දිසානායකට රෝහල තුලදී පහරදුනේ ආණ්ඩුවට සම්බන්ධ මැරයන්

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කරන වෛද්‍ය වරුණ දිසානායක මහතාට රෝහල තුලදී පහරදුන් ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස අත්අඩංගුවට නොගැනීම.

උක්ත පහරදීම සඳහා 2021. 01. 19 දින රාත්‍රී 10.00 ට පමණ රෝහලට පැමිණි තිදෙනෙකුගේ කණ්ඩායමකින් එක් අයකු පමණක් අත්අඩංගුවට ගෙන ඇතත් ඉතිරි දෙදෙනා මේ දක්වා අත් අඩංගුවට ගෙන නොමැති බව අප වෙත දැනගැනීමට ලැබී තිබේ.

දැනටමත් පහරදීමෙන් ලද තුවාල හේතුවෙන් වෛද්‍ය වරුණ දිසානායක මහතා කුරුණෑගල රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. රාජකාරී වෙලාව තුලදී රෝහල් පරිශ්‍රයට පැමිණ සිදුකල මෙම මැර ප්‍රහාරයට සම්බන්ධ පිරිස ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

දේශපාලන බලපෑම් හේතුවෙන් ඉතිරි දෙදෙනා අත්අඩංගුවට නොගෙන්නේදැයි සාධාරණ සැකයක් මතු වී ඇත. එබැවින් මෙම පහරදීමට අදාල සියලූ දෙනා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර එසේ නොවන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද දන්වා සිටිමු.

වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප්‍රධාන ලේකම්
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

Share post:

Popular

වෙනත් පුවත්

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...