එදා මාගේ රියදුරා වූයේ මුස්ලිම් ජාතිකයෙකි. ඔහුට ඉංග‍්‍රීසි බස හොඳීන් හැසිරවිය හැකි වුණා. ඔහු මටත් වඩා උනන්දුවෙන් මට ඉන්දියාව පෙන්වමින් හිටියේ. ඔහු එදා මට කීවේ තවමත් මිනිසුන් මරා කන ගෝත‍්‍රිකයින් පිරිසක් රෙඞ් හිල්ස් ආශ‍්‍රිත දූපත්වල වාසය කරන බවයි. එහි කිසිවෙක් නොයන බවත් ගිය සතියේත් එහි ගිය පෙම් යුවළක් කපා මරා දමා ඇති බවත් මගේ රියදුරා පැවසීය. මට එහි යාමේ සහ ඔවුන් දැැක බලා ගැනීමේ මහත් ආශාවක් ඇති විය. මම ඒ බව රියදුරාට කී විට ඔහු ඔළුවේ අත ගසා ගත්තේය.
‘‘ඒක නම් හිතන්නවත් එපා මැඩම්. ඒ පැත්තට ජීවිත ආසාව තියෙන කවුරුත් යන්නේ නැහැ’’ ඔහු කීය.
එහෙත් මට යන්නම ඕනෑය. මට ඔවුන් දකින්නට ඕනෑය.
මම ඉන්දියාවේ වෙසෙන මාගේ ශ‍්‍රී ලාංකික මිතුරෙකුට කතා කර මගේ අවශ්‍යතාවය කීවෙමි. ඔහුට ඒ පලාතේ සෑහෙන සම්බන්ධතා පැවතුණි. පොලීසියේ දන්නා කියන ලොක්කන් සිටින මිතුරෙකි. ඇතැම් ගමන් සඳහා මට පොලිස් වාහන සැපයූවේත් ඔහුය.
‘‘ඒක ටිකක් රිස්කි’’
‘‘මට යන්නම ඕන. ඔයා එන්න මා එක්ක යන්න’’
‘‘මම ටිකක් හොයලා කියන්නම්. පොලීසියේ යැලූවෙකුටත් කියලා’’ ඔහු කීය.
‘‘මට යන්නම ඕනෑ’’ මම යළිත් කීවෙමි.
මද වේලාවකින් ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.
‘‘හරි. මම එන්නම්. එහෙ කෙනෙක් සෙට් කර ගත්තා. දූපත් කිහිපයකට ගිහින් අපි ඉක්මනට එමු පොලීසියේ එක්කෙනෙකුත් එක්ක. වැඩිය ඇවිදින්න බැහැ’’
මගේ රියදුරා මේ ගමන යාමට අකමැත්ත පළ කළ නිසා මගේ මිතුරා තවත් මිතුරෙකුත් සමඟ පැමිණ තිබූ වාහනයෙන් අපි රෙඞ් හිල් බලා ගමන් ඇරඹුවෙමු. මිතුුරාගේ මිතුරා පැමිණ සිටියේ පොලිස් යුනිෆෝම් එකෙන් වීම නිසා ආරක්ෂාව පිළිබඳ යම්කිසි සහනයක් මසිත ඇති විය.
එය අතිශය සුන්දර කලපුවලින් සමන්විත තෙරක් නොපෙනෙන භූමියකි. හිම වැටුණාක් මෙන් සුදු පැහැතිය. වැල්ල ද සුදුය. ඇතැම් විට ලූණු තැන්පත් වීම නිසා හෝ කලෙකදී ලූණු මිදවීම නිසා මෙසේ සිදුවන්නට ඇතැයි මම අනුමාන කළෙමි. මන්ද මෙම මුහුදු තීරයේ මා දිගින් දිගටම දුටු දෙයක් නම් විශාල වශයෙන් පැවති ලූණු කර්මාන්තයයි. නොගැඹුරු විශාල තටාකවල ලූණු මිදවීම කිලෝමීටර් ගණන් එක දිගට සිදුවනු දක්නට ලැබිණි.
හැම තැනම ධීවර බෝට්ටුය. හෙලූකොට්ටෙන් දුව ඇවිදින දරුවන්ය. ඇතැමෙකුට කලිසම් කොටයක් ඇත. තවෙකෙකුගේ කලිසම් කොටය ඉරී කෑලි එල්ලෙයිි. එක් පසෙක තැන තැන කටු පදුරුය. එක දිගට වැවුණු තල් ගස් පේළි පසුකර අපි ගියෙමු. තල් ගස් පේළි අතර සුන්දර දිය අගල්ය. ඒවායේ කුඩා පෙතිවන් ලා කොළ පැහැති කොළ සහිත ජලජ ශාක පාවේ.
මගේ මිතුරා කලින් කතා කර ගත් මැදිවියේ පුද්ගලයෙක් අපේ ජීප් එක වෙත දිව ආවේය.
මාගේ මිතුරාද ඔහුගේ මිතුරාද ජීප් රථයෙන් බැස දෙමළෙන් මොන මොනවදෝ කතා කරයි. මැදි වියේ මිනිසා අසන සියල්ලට පුලූවන් කියන්නාක් සේ මට හැෙගේ . අපේ පොලිස්කාරයාට ඔහු දෙකට නැමෙමින් එකගතාවය පළ කරයි. ඒ අතර ජීප් එක වටේට හෙලූ දරුවන් රොක් වෙන්නට විය. මම මගේ මිතුරන්ගේ ආරාධනයෙන් තොරව ජීප් රථයෙන් බිමට බැස අර දරුවන්ගේ ඡුායාරූප ගතිමි. ඔවුහු ඒවා පෙන්වන්න යැයි ඔවුන්ගේ භාෂාවෙන් කියන්නට විය. එය වටහා ගත් මම කැමරාව අනෙක් පස හරවා ඔවුන්ට එම ඡුායාරූප පෙන්වන්නට හැදුවා පමණි. මගේ මිතුරා යක්ෂාවේෂ වී කෑගැසුවේය.
‘‘කව්ද ඔයාට බහින්න කිව්වේ?’’
ඔහු වහා පැමිණ මා ජීප් රථයට තල්ලූ කර දමා දොර වැසුවේය. ඔහු ඉස්සරහින් වාඩි වී යළිත් මට බනින්නට විය.
‘‘ඔයා නිකං වෙස්ටන් ෆිල්ම්වල දකින ඒවා කරන්න යන්න එපා. ඔය කැමරාව ඇදන් දිව්වා නම් අපිට උන් පස්සේ දුවන්න වෙනවා ඕක ගන්න. ඒ තැනකදී අපි මැරුම් කන්නත් තිබ්බා. පොලීසිය කියලා නෑ මරනවා. පොලීසියත් එකක් මුං හරි තරහයි. අපි දෙන්නා මැරුවට පස්සේ ඔයාව මරන්නේ රේප් කරලා. මෝඩ වැඩ කරන්න එපා.’’
මම මගේ ගොංකම ගැන සමාව ඉල්ලන්නට නොගොස් කට පියාගෙන සිටියෙමි. එහෙත් ඔය කියන කිසිවක් වන්නේ නැතැයි මසිත කියයි. ඒ අහිංසක දරුවන්ගේ ඡුායාරූප ඔවුන්ට පෙන්වූවාට ඇති වරද කුමක්ද? ඒවා කියන්නට යන්නට මෙය වෙලාව නොවේ. තවත් බැනුම් අහ ගන්නට සිදු වනු ඒකාන්තය. මගේ හිතුවක්කාර ගමන්වලට මොහු ආ එකම මදිද යැයි මම සිතුවෙමි.
ජීප් එක බලා ගන්නට අර මැදිවයසේ මිනිසා පෙන්වූ පිරිසකට බාර දුන් මගේ මිතුරන් මා ද ඉස්සර කර ගෙන ඉතා පටු මාවත් ඔස්සේ යයි. කෙමෙන් අපි ගං ඉවුරකට ළ`ගා වීමු. එය ගං ඉවුරකට වඩා ?ළි නොනගින නිශ්චල ජලය සහිත කලපුවකට සමානය. අවට අති සුන්දරය. මැදිවියේ මිනිසා කියන දේවල් මගේ මිතුරා පරිවර්තනය කරන්නට විය. මෙහි දූපත් තුන්සියයක් පමණ ඇතැයි ඔහු කියයි. මගේ මිතුරා දුරකථනය සාක්කුවෙන් ගෙන ගූගල් මැප් දමා ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ඇති මෙම අති විශාල ප‍්‍රමාණයක් වූ කුඩා කුඩා දූපත් මට පෙන්වන්නට විය. මේ සියල්ලටම යන්නට මගේ හිත ආසා කරයි. කියන්න ගොස් බැනුම් අසන්නට වනු ඇත.
මේ දූපත්වල ඉරුලා නම් ගෝත‍්‍රික ජනතාවක් වාසය කරයි. අප පැමිණෙන විට මේ අවට දුටු සියලූ දෙනා ඉතා කලූය. එය විශ්වාස නොකළ හැකි කලූවකි. මට මතක් වෙන්නේ ආර්යාවතරණයෙදී සිටින්නට ඇත්තේද මෙවැනි ජන වර්ගයක් විය යුතු බවයි. කෘෂ්ණ ජාතීන් යැයි නම් ලද්දේ ඔවුන් විය හැකිය. මොවුන් පහළට පහළට පැමිණ තමිල්නාඩුවේ නතර විණි ද? එතනිනුත් පහළට යන්න තැනක් නැත. ඇත්තේ මුහුදෙන් එතෙර වන ලංකාව පමණි.
‘‘ඉරුල කියන්නේ දෙමළෙන් සහ මලයාලම් භාෂාවලින් කලූ කියන එකට’’ මගේ මිතුරා පැහැදිලි කරයි.
‘‘ඔවුන් කතා කරන්නේ කුමන භාෂාවද?’’
මම ඇසුවෙමි.
‘‘ඉරුල භාෂාව. ඒක දෙමළට ටිකක් සමානයි’’
අපි ඔරුවක නැගුනෙමු. දැන් මැදි වියේ මිනිසා එය හබල් ගායි. ක‍්‍රමයෙන් අප පැමිණි ගොඩබිම දුරින් දුර යයි. දුරින් දුර ගොස් නොපෙනී යයි. නිශ්චල ජලය පීරා අපි ගමන් කරමු. ජල තලය පීරා ඔරුව ඇදෙන හඩ පමණි. වෙනත් හඩක් නැත. මගේ මිතුරා අවට දර්ශන වීඩියෝ කරයි.
‘‘මං කොච්චර කල් මෙහෙ හිටියත් මේ දූපත් බලන්න කවදාවත් ගිහින් නෑ’’
ඔහු කියයි.
ඈත දූපතක් පෙනෙන්නට වෙයි. දැන් ඉතිං ඉරුලාවන් දැක ගැනීමේ ආශාවෙන් මම දෑස් දල්වා හිඳීමි. බියක අංශුමාත‍්‍රයක් නොදැනේ. අපි එහි ගොඩ බැස්සෙමු. මිනිස් පහසක් කවදාවත් නොලද දූපත්ය. කිලිටි යැයි කිසිවක් එහි නැත. සුන්දර පිරිසිදු වෙරළකි. හෙමින් රළ ගසයි. ඈතට ඈතට දූපතේ අපි ඇවිද යමු. කිසිවෙක් පෙනෙන තෙක් මානයේ නැත. ගිනි මැල ගැසූ ස්ථානයක් පසුවිය. එනම් කිසිවෙක් මෙහි පැමිණ ඇති බවට සාක්ෂියකි. කටු පදුුරු බිම් තඹුරු වැල් ගහනය. සුදු වැල්ල දිගට අපි ඇවිද යමු. කොයි මොහොතක හෝ ඉරුලාවන් මුණ ගැසෙනු ඇත. ඔවුන් භයානක ආයුධ අත දරන්නන් බව මගේ මිතුරා යළිත් කියයි. ඒවායින් අප මරා ආහාරයට ගනීද? මේ කාලයේ එහෙම ජනතාවක් සිටිය නොහැකි යැයි මසිත කියයි. අනෙක් අතට අහිංසකම මිනිසුන් කණ්ඩායමකට මොවුන් මෙසේ කියනවාදැයි කව්ද දන්නේ?
අපි ඒ දූපත පුරා ඇවිද්දෙමු. ඉරුලාවෙක් තබා වෙනත් වන සතෙක්වත් අපගේ නෙත නොගැටිණි. අපේ මඟ පෙන්වන්නා කීවේ තවත් දූපතකට යා යුතු බවයි. ඒ මන්දැයි මා ඇසූ විට ඉරුලා ගොත‍්‍රිකයින් එක් තැනක වැඩි කලක් නොරැදෙන බවත් ඔවුන්ට ස්ථිර වාසස්ථාන නැති බවත් ඔහු කීවේය. එහෙනම් ඔවුන් අපේ අහිකුණ්ඨකියන් වැනිි ජන කොටසක් විය යුතුය. ඔවුන්ට බය වන්නේ කුමටද යළිත් මගේ සිත කියයි.
අපි යළිත් ඔරුවේ නැගුනෙමු. අපි යළිත් මුහුදු රළෙන් පැද්දෙන ඔරුවේ හිමිහිට වෙනත් ගොඩබිමක් සොයා යමු. සවස් කළ උදාවී ඇතත් ඉර එළිය සෞම්‍ය නොවීය. ඉර මාමාගේ සැර අව්වෙන් සියල්ල ඇස් පුංචි කරගෙනය. මේ මොන මළ වදයක්දැයි මොවුන් සිතනු ඇත. මේ ගමනට කීයක් ගෙවන්නට වේදැයි මගේ සිත බියෙනි.
අපි යළිත් ගොඩ බිමක් කරා සේන්දු වීමු. එහි යන විටම එහි යම්කිසි මනුෂ්‍ය වාසයක් ඇති බවක් පෙනෙන්ට වූයේ බිම තැන තැන රැදි පා ලකුණු නිසාය. මෙය නම් නිශ්චිතවම ඉරුලාවන් සිටින බිමකි.
මඟ පෙන්වන්නාද මගේ මිතුරන්ද දැන් සීරුවෙනි. අපි කුඩා කටු පඳුරු අතරින් කතාවකින් බහකින් තොරව ඇවිද යමු. මේ ඉරුලාවන් ජීවනෝපාය සඳහා කරන්නේ මොනවාද? මම ඇසුවෙමි.
මේ ප‍්‍රදේශයේ ජීවත්වන අය මුහුදු යයි. ධීවර කර්මාන්තය ඔවුන්ගේ ජීවනෝපායයි. ඉරුලාවන් සිටින්නේ තමිල් නාඩුවේ මේ රෙඞ් හිල්හි පමණක් නොවේ. ඔවුන් කේරලයේද කර්ණාටකයේද සිටියි. මෙ නම් මගේ උපන්‍යාසය තවදුරටත් තහවුරු කරන තොරතුරකි. ඉන්දියාවේ ආදී කාලීන උරුමක්කරුවන් මොවුන් විය යුතුය. ආර්යාවතරණයත් සමඟ පහළට පහළට ආ ඔවුහු දැන් ඉන්දියාවේ පහළ පෙදෙස් වන කර්ණාටක කේරල හා තමිල්නාඩුවට සීමා වී ඇතිවාට සැක නැත.
‘‘මුහුද නැති කර්ණාටක වගේ ප‍්‍රාන්තවල ඉන්න අයගේ ජීවනෝපාය කුමක්ද?’’ මම යළිත් ඇසුවෙමි.
‘‘ඔවුන් මූලික වශයෙන් නයි අල්ලනවා. මීයෝ අල්ලනවා. සමහරු ධීවර කර්මාන්තය කරනවා. මී පැණි එකතු කරනවා. කම්කරුවෝ විදිහට වැඩ කරනවා කුඹුරු කරන කාලෙට’’
‘‘නයි අල්ලලා මොනවද කරන්නේ?’’
‘‘නයි අල්ලන්න ඔවුන් ගොඩාක් දක්ෂයි. එයාලාව කලවල දාගෙන ඉඳලා විෂ ගන්නවා. ඒ විෂ එයාලා විකුණනවා’’
නිශ්චිතවම මෙම විෂ, ඖෂධ සඳහා ප‍්‍රතිවිෂ සඳහා යොදා ගන්නවා ඇත. මොවුන්ගෙන් ඒවා කුණු කොල්ලයට ගන්නවා ඇතැයි මම අනුමාන කළෙමි.
‘‘මීයෝ අල්ලන්නේ මොකටද?’’
‘‘මීයන්ව එයාලා ආහාරයට ගන්නවා. ඒ වගේම විකුණනවා. මෙහෙ ලොකුවට කරන කර්මාන්තයක් තමයි කිඹුල්ලූ හදන එක. කිඹුලන්ගේ ආහාර සඳහාත් විකුනනවා. ඒ වගේම ගොවියාගේ පරම හතුරා මීයා. එයාලා කැමතියි මීයෝ වඳ වෙන එකට’’
‘‘මීයන්ව කන්නේ කොහොමද? උයලාද?’’
‘‘නෑ ගොඩාක් වෙලාවට ගිනිමැල ගහලා පුච්චලා තමයි කන්නේ’’
‘‘නයි, මීයෝ එහෙම අල්ලන්න විශේෂ උපක‍්‍රම තියෙනවද?’’
‘‘එහෙම නෑ. හැම සතෙක්ම ඔවුන් ජීවත් වන තැන් අවුස්සලා අතින් අල්ලන්නේ’’
තල් කොළවලින් සෑඳු තාවකාලික කූඩාරම් දෙකක් ඈතින් පෙනෙයි. දැන් දැන් ඉරුලාවන් අප මරන්නට එනු ඇද්ද? එහෙත් සිදු වූයේ අනෙකකි. එයින් එළියට ආ වැරහැලි සාරි කඩමාල්ලක් ඇඳ ගත් කලූම කලූ ගැහැණියක් අප දැක ඉක්මනින් ආපහු කූඩාරමට වැදුනාය. ඇයගේ මුහුණ කෘෂය. ටිකක් අමුතුය. නළල මැද රතු තිලකයක් ඇත. අපේ වැද්දන්ගේ මෙන් කපාලයේ යම් වෙනසක් ඇත. අප සමඟ ආ මැදි වියේ මිනිසා කෙතරම් කතා කළ ද එම ගැහැණිය ආපහු එළියට ආවේ නැත. අනිත් කූඩාරමේ කිසිවෙකු හිටියේ නැත. ඒ ගෙදර සිටියේ එම ගැහැණිය සහ ඇතුළත සිටියා නම් දරුවන් පමණක් විය යුතුය. සැමියා මුහුදු ගොස් හෝ වෙනයම් ජීවනෝපායක් සඳහා පිටව ගොස් වන්නට හැකිය.
අප යළිත් ගමන් ඇරඹුවෙමු. දුපත එතරම් විශාල නොවූවකි. එහි ඈත කෙලවර දක්වා ඇතැම් තැනක පෙනෙයි. මන්ද කිසිඳු උස් බිමක් නැති බැවිනි. එහෙත් වෙනත් කූඩාරම් පෙනෙන්නට නැත.
ඇය ගේ තුළට රංගා ගත්තේ පොලිස් නිළ ඇඳුමට බියෙන් විය යුතුය. මොවුන් අතිශය අහිංසක ආන්තීකරණයට ලක් වූ ජන කොටසක් විය යුතු බවත් පොලීසියෙන් නිතරම කරදරයට පීඩාවට පත්් වන පිරිසක් විය යුතු බවත් මම අනුමාන කළෙමි. අපරාදේ මේ පොලිස්කාරයෙක් එක්ක ආවේ යැයි මට පශ්චාත්තාපයක් එයි.
‘‘මොවුන්ගේ කුලය මොකද්ද’’ මම ඇසුවෙමි.
‘‘ඔවුන් ඉතාමත්ම පහත් කුලයේ. එයාලාව කවුරුත් ගණන් ගන්නේ නැහැ’’
‘‘ඔවුන්ට ඉඩම් අයිතියක් තියෙනවද?’’
‘කොහෙත්ම නැහැ’’
‘‘ළමයි ඉස්කොලේ යනවද එයාලාගේ’’
‘‘හුඟාක් වෙලාවට යන්නේ නැහැ’’
මට සුසුම් හෙළිනි. මිනී මස් කන්නේ යැයි බොරු ගොතා මේ අයව තවදුරටත් ආන්තීකරණය කොට අමනුෂ්‍යයන් සේ සලකනන්ට සලස්වා ඇත. මේ නම් රොමිලා තාපර් කියන අවමානූෂීකරණයට ජීවමාන උදාහරණ නොවන්නේ ද?
වසර දහස් ගණනක් තිස්සේ ආන්තීකරණයට ලක් කළ සූරා කෑමට ලක් කරන ලද මොවුනට සමාජය සලකන්නේ අවමානුෂීය ආකාරයෙන් යැයි කීමට මට තවත් සාක්ෂි අවශ්‍ය නොවීය. හරිහමන් හිසට සෙවණක් ඔවුන්ට නැත. කන්නට දෙයක් ද නැතිව ඇත. මීයන් පුළුස්සා කනවා යනු අහුවෙන ඕනෑම දෙයක් කනවා වන්නට ඇත.
‘‘එයාලාගේ ආහාරය මොනවද?’’
‘‘මීයෝ, ඉස්සෝ, බෙල්ලෝ, කකුළුවෝ, මාලූ, ගොලූ බෙල්ලෝ වගේ දේවල්’’
මා සිතූ දේ නිවරදිය.
‘‘මොවුන්ගේ ආගම කුමක්ද?’’
මම යළිත් ඇසුවෙමි.
‘‘හින්දු ආගම. එයාලා විශේෂ දෙවඟනකට එයාලා පූද පූජා කරනවා’’
‘‘ඒ කව්ද විශේෂ දෙවඟන?’’
‘‘තන්නියම දෙවඟන’’
මට සිහි වූයේ මාග‍්‍රට් මීඞ්ගේ පර්යේෂණ. ස්ත‍්‍රී දෙවඟනකට පුද පූජා පැවැත්වීම තවදුරටත් කරන මොවුන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට නෑකම් කියන බවට ඇති සාක්ෂියකි. ස්ත‍්‍රී දෙවඟන පිඳු පැරණි ශිෂ්ටාචාරයේ ඛේදනීය අවසානය ද මේ? මේ සමාජ තුළ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය විෂමතාවය අඩු ඇතැයි සිතූ මම ඔහුගේ ශ‍්‍රම විභජනය ගැන ඇසුවෙමි.
‘‘පිරිමි විතරද දඩයමේ යන්නේ’’
‘‘නැහැ. ගැහැණු පිරිමි ළමයි හැමෝම යනවා’’
මා සිතූ දේ නිවරදිය. ගැහැණු කාර්යයන් පිරිමි කාර්යයන් ලෙස මොවුන් ශ‍්‍රම විභජනය කර නැත. අර ගැහැණිය නිවසේ සිටින්නේ ඇතැම් විට කුඩා දරුවෙකු ඇති නිසා යැයි මම අනුමාන කළෙමි. එහෙත් මෙවැනි සමාජවල දවසේ දරුවන් පවා කිහිලි ගන්නාගෙන ගැහැණුන් දඩයමේ යනවා විය හැකිය. ස්ත‍්‍රීපුරුෂ ශ‍්‍රම විභජනය පිළිබඳ ඈන් ඕක්ලේගේ තර්ක නිවරදි බව මෙවැනි තවමත් ජීවත්වන ගෝත‍්‍ර තුළින් අපට දැක ගත හැකි නොවේද? ගැහැණු වැඩ පිරිමි වැඩ බෙදන්නේ සංස්කෘතියයි.
මම හද කම්පා කරගෙන නැවත එන්නට හැරුනෙමි. තවත් ¥පත් බලන්නට යන්නට ආසා කළත් දැන් එයට හිත නොනැමෙයි. මේ මිනිසුන්ගේ ජීවන ඛේදවාදකය දැකීමෙන් මහද හඩා වැටේ.
ඉර රක්ත වර්ණව ගිලෙන්නට දඟලයි. අපි ආපසු ඔරුවට නැගුනෙමු. මඟ පෙන්වන්නා දිගිටම හබල් ගෑවේය. මට ඇසුණේ ජල තලය කැලතෙන ශබ්දය පමණි.