ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ නිර්මාණ ප්‍රදර්ශනය ඉතාලියේදී

ස්ථර මත ස්ථර පිහිත වන වේගවත් වෙනස් වීම් ක්ෂණයකින් අල්ලා එය දෘෂ්‍යමාන ලෙස ප්‍රසාද් හෙට්ටිආරච්චි විසින් අප වෙත අභිමුඛ කරයි.

ඔහු ලංකාවේ සම්ප්‍රදායික විහාර චිත්‍ර කලා සංරක්ෂකයෙකු ලෙස එහි තාක්ෂණය සමීපව නිරීක්ෂණය කරමින් ඒවාට ඇලුම් කරන්නෙකු ලෙස එම රූපකයන් ආශ්‍රයෙන් නව රූපකයන් උපදවයි.

මහා පරිමාණව සිදුවන සංවර්ධන ව්‍යාපෘතීන් මෙන්ම වේගවත් පරිසර වෙනස් වීම් ඒ හා සබැඳුණු කලාපීය දේශපාලන පොර බැඳීම් මෙන්ම ආන්තිකරණය වූ ජනතාවන්ගේ ආත්මීයත්වයන් ආදී කාරණාවන්ගේ වියවුල පුරාණෝක්ති සමඟ ගලපමින් ප්‍රබන්ධයන් ගෙත්තම් කරයි.

විප්‍රවාසීව ජීවත් වන්නන් තුළ නිරායාසයෙන්ම පැරණි මතයන් වෙත ඇතිවන ආදරය සහ නිරන්තරයෙන් ජනප්‍රිය කලාව වෙත වන බැඳීම් නව මානයකට යොමු කරමින් චූල කතා වස්තුන් මතින් නව මතයක් නව බැඳීම් ගොඩනඟමින් මග නොහැරිය හැකි මහා සම්ප්‍රදායක් වෙත අපව කැඳවයි.

ඉතින් Brescia ජීවත්වන ශ්‍රී ලාංකීය ඔබ සැමට අපි ආරාධනා කරමු. ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ නිර්මාණ එකතුව රසවිඳින්නට . ජුනි 27 වන දා සිට ජූලි 5 වනදා දක්වා මෙය විවෘතව පවතී .

ප්‍රදර්ශනය විවෘත කිරීම ජුනි 27 වනදා සවස 18.00 ට

ස්ථානය – CARME
Via delle Battaglie 61/1
Brescia

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...