ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ නිර්මාණ ප්‍රදර්ශනය ඉතාලියේදී

ස්ථර මත ස්ථර පිහිත වන වේගවත් වෙනස් වීම් ක්ෂණයකින් අල්ලා එය දෘෂ්‍යමාන ලෙස ප්‍රසාද් හෙට්ටිආරච්චි විසින් අප වෙත අභිමුඛ කරයි.

ඔහු ලංකාවේ සම්ප්‍රදායික විහාර චිත්‍ර කලා සංරක්ෂකයෙකු ලෙස එහි තාක්ෂණය සමීපව නිරීක්ෂණය කරමින් ඒවාට ඇලුම් කරන්නෙකු ලෙස එම රූපකයන් ආශ්‍රයෙන් නව රූපකයන් උපදවයි.

මහා පරිමාණව සිදුවන සංවර්ධන ව්‍යාපෘතීන් මෙන්ම වේගවත් පරිසර වෙනස් වීම් ඒ හා සබැඳුණු කලාපීය දේශපාලන පොර බැඳීම් මෙන්ම ආන්තිකරණය වූ ජනතාවන්ගේ ආත්මීයත්වයන් ආදී කාරණාවන්ගේ වියවුල පුරාණෝක්ති සමඟ ගලපමින් ප්‍රබන්ධයන් ගෙත්තම් කරයි.

විප්‍රවාසීව ජීවත් වන්නන් තුළ නිරායාසයෙන්ම පැරණි මතයන් වෙත ඇතිවන ආදරය සහ නිරන්තරයෙන් ජනප්‍රිය කලාව වෙත වන බැඳීම් නව මානයකට යොමු කරමින් චූල කතා වස්තුන් මතින් නව මතයක් නව බැඳීම් ගොඩනඟමින් මග නොහැරිය හැකි මහා සම්ප්‍රදායක් වෙත අපව කැඳවයි.

ඉතින් Brescia ජීවත්වන ශ්‍රී ලාංකීය ඔබ සැමට අපි ආරාධනා කරමු. ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ නිර්මාණ එකතුව රසවිඳින්නට . ජුනි 27 වන දා සිට ජූලි 5 වනදා දක්වා මෙය විවෘතව පවතී .

ප්‍රදර්ශනය විවෘත කිරීම ජුනි 27 වනදා සවස 18.00 ට

ස්ථානය – CARME
Via delle Battaglie 61/1
Brescia

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...