මානව හිමිකම් නැති පලස්තීනුවෝ

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැවති සටන් විරාමය බිඳ දමමින් ඊශ්‍රායලය ගාසා තීරයට  අනපේක්ෂිත ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් මෙවන විට 400කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත්වී ඇති බව වාර්තා වෙනවා. මේ මරණ අතර වැඩිම ප්‍රමාණයක් සිටින්නේ කාන්තාවන් සහ දරුවන් බව විදෙස් මාධ්‍ය සනාථ කරල තිබුණා.

හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම නැවත ආරම්භ කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට “කොළ එළියක්” ලබා දී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ තරම් බිහිසුණු ප්‍රහාරයකට ඊශ්‍රායලය යොමු වන්නට ප්‍රධානතම හේතුව ට්‍රම්ප්ගේ   අනුකූලතාවය සටන් විරාමය බිඳ හෙලන්නට ඊශ්‍රායලය වෙත ලැබීමයි .

වෛද්‍ය ආරංචි මාර්ගවලට අනුව, පසුගිය පැය කිහිපය තුළ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 400 ආසන්නයට තුවාල ලැබූවන්  සිය ගණනක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මොහොමඩ් සකූට්  ප්‍රකාශ කර තිබුණා. වින්දිතයින් අතර හමාස් රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් මහමුද් අබු වත්ෆා ද සිටි බව පැවසෙනවා.හමාස් අභ්‍යන්තර ආරක්ෂක ප්‍රධානී බහ්ජාත් අබු සුල්තාන් ද මෙම  ප්‍රහාර වලින් මිය ගිය බව වාර්තා වේ. හමාස් සංවිධානයේ ප්‍රධාන පෙළ නායකයන් ගණනාවක්ම මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වී සිටිනවා .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...