වැලේ වැල් නැතුව සිටින එජාපයට අලුත් පොටක් පෑදිලා

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂය මේ බව පවසන්නේ අද (16) සමගි ජන බලවේගය සමග සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයවිසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව දක්වමින් නිකුත් කළ විශේෂ නිවේදනයේයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා යන අය ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වන බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, මෙම ත්‍රිපුද්ගල කමිටුව සමගි ජන බලවේගය සමග ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය හෝ බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමට වඩා අවශ්‍ය වී ඇත්තේ වැලේ වැල් නැතිව අතරමන් වී සිටින පක්ෂය සමගි ජන බලවේගයේ ඇඟේ එල්ලී හෝ ගොඩ යා හැකිද යන්න බැලීමටයි. ජාතික ජන බලවේගයට එරෙහිව ඔවුන්ට බලයක් ගොඩනැගීය නොහැකි බව පැහැදිලිය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...