Breaking News

වැලේ වැල් නැතුව සිටින එජාපයට අලුත් පොටක් පෑදිලා

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂය මේ බව පවසන්නේ අද (16) සමගි ජන බලවේගය සමග සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයවිසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව දක්වමින් නිකුත් කළ විශේෂ නිවේදනයේයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා යන අය ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වන බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, මෙම ත්‍රිපුද්ගල කමිටුව සමගි ජන බලවේගය සමග ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය හෝ බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමට වඩා අවශ්‍ය වී ඇත්තේ වැලේ වැල් නැතිව අතරමන් වී සිටින පක්ෂය සමගි ජන බලවේගයේ ඇඟේ එල්ලී හෝ ගොඩ යා හැකිද යන්න බැලීමටයි. ජාතික ජන බලවේගයට එරෙහිව ඔවුන්ට බලයක් ගොඩනැගීය නොහැකි බව පැහැදිලිය.

leave a reply