ඇඟට නොදැනී බොරු කීම

වර්තමාන ආණ්ඩුව පුන පුනා ප්‍රකාශ කර සිටින්නේ විදුලිය අර්බුදයට හේතුව පසුගිය වසර පහ තුළ බලාගාර ඉදි නොවීම බවයි. අදත් මාධ්‍යවේදීන් වෙත මේ ජනප්‍රීය පිළිතුර ලබා දුන්නේ විදුලිබල ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චියි .

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුන්වන වරටත් අද දිනයේ දී වසා දමන්නට කටයුතු කර තිබේ. තෙල් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් නැවතත් නැප්තා සහ දැවිතෙල්ද නොමැති වෙයි. හෙට පැය පහක විදුලි කප්පාදුවක් ද සිදුවීමට නියමිතයි. බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරන පරිදි තව දින අටකට ඇති වෙන්නට රට තුල ඉන්ධන තිබේ. නමුත් ඉන්ධන පිරහුම් හල් ඉදිරිපිට දීර්ඝ පෝලිං දකින්නට දකින්නට පුළුවන්.

ආණ්ඩුව දැන් රටේ මිනිසුන් ගැන හිතන්නේ කම්මලේ බල්ලා ගැන සිතන්නා සේය. දින ගෙවා ගැනීමට කිසිම හිරිකිතයකින් තොරව එකම බොරුව පුන පුනා කීම දැන් ඔවුන්ගේ පුරුද්ද බවට පත්වී ඇත.

ඉතින් ආණ්ඩුව කියන මේ කතා අස අසා ජනතාව තවදුරටත් පෝලිමේ ඉන්නවා ද එසේත් නැත්නම් පෝලිමෙන් පිට පැන ආණ්ඩුවට පිළිතුරු ලබා දෙනවාද කියන එක තීරණය කළ යුතු වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...