අනුරගෙන් ගුරුවරුන්ට තවත් පොරොන්දුවක්

ග්‍රාමීය පාසල්වල ගුරුවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට ඉදිරි අයවැයෙන් පියවර ගන්නා බව අනුර කුමාර දිසානායක පවසා තිබේ.

ලංකා ගුරු සංගමයේ 28 වන සමුළුව අමතමින් ඔහු පැවසුවේ ග්‍රාමීය පාසල්වල සේවය කරන ගුරුවරුන් මුහුණ දෙන ගැටළු සහ දුෂ්කරතා විසඳීම සඳහා මෙම තීරණය ගන්නා බවයි.

ගුරු සේවා වෘත්තීය සමිති සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

නව ආණ්ඩුව බලයට පත්වීමට ප්‍රථම පැවසුවේ සමස්ථ ගුරුවරුන් මුහුණ දෙමින් සිටින වැටුප් ප්‍රශ්නය විසඳන බවයි. නමුත් ආණ්ඩුව පත්වී වසරකට පසුත් එම ප්‍රශ්නය විසඳීමට අදාළ වැඩපිළිවෙලක් ආණ්ඩුව ඉදිරිපත් කර නැත.

එසේ තිබියදී දැන් ආණ්ඩුව තමන්ගේ පොරොන්දු ගොන්නට තවත් පොරොන්දුවක් එක්කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...