ශ්‍රී ලාංකීය ජනමාධ්‍යයේ මුවන්ටත් ඇති, මිනිසුන්ට නැති පෞද්ගලිකත්වය

අද දවල් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විකාශයක දඩයක්කරුවන් විසින් මරා දමපු මුවෙක් පිළිබඳ ප්‍රවෘත්තියක් වාර්තා කරද්දි ඊට අදාල දර්ශන වලදී මුවාගේ හිස ප්‍රදේශය කොටුවලින් ආවරණය කරලා තිබුණා. ඒක මොන අරමුණකින් කළාද කියලා විවේචනය කරන්නවත්, ප්‍රශ්න කරන්නවත් මම බලාපොරොත්තු වෙන්නේ නෑ.

ඒත් ඇයි අපේ රටේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ට, ජනමාධ්‍යවේදීන්ට සහ නාලිකා ප්‍රධානීන්ට අපේ රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් මේ කියපු සිද්ධියේ මුවා පිළිබඳ දර්ශන විකාශය කරද්දි අනුගමනය කරපු සරල පියවර අනුගමනය කරන්න බැරි.

විශේෂයෙන් කොරෝනා වැළඳීම කියන්නේ ලැජ්ජාවට පත්විය යුතු, සැඟවිය යුතු කාරණයක් මට්ටමට මිනිස්සුන්ගේ මානසිකත්වය ගෙනත් තියෙන්නේ ප්‍රධාන වශයෙන් අපේ රටේ රූපවාහිනී නාලිකා බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. පොලීසියෙන් කොරෝනා සම්බන්ධ වැටලීම් කරද්දි, මාර්ග බාධකවලදි ප්‍රශ්න කිරීම් කරද්දි, එහෙමත් නැත්නම් කොරෝනා ආසාධිතයන් පිළිබඳ තොරතුරු වාර්තා කරද්දි බලහත්කාරයෙන් මිනිස්සුන්ගේ මූණු පෙන්වීමේ අවශ්‍යතාවය කුමක්ද? මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා,පොලිස් නිලධාරීන් අදාළ ප්‍රදේශ වල නිරෝධායන කටයුතු, දැනුම්වත් කිරීම් සහ වැටලීම් ඉතා නිවැරදිව ඉටුකරද්දි සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලිකත්වයට අනවශ්‍ය විදිහට ඇඟිලි ගසමින් බොහෝ මාධ්‍ය මේ මොහොතේ හැසිරෙන විදිහ පිළිකුල් සහගතයි. ජනමාධ්‍ය හැඳුනුම්පතක් සහ කැමරාවක් තිබුණ පමණින් ඕනෑම දෙයක් රූගත කරන්නට හෝ රූගත කිරීමට ලක්වන්නන්ගේ විරෝධය නොතකා එය විකාශය කරන්නට අයිතියක් නොමැති බවට වන නෛතික සහ සදාචාරාත්මක සීමාව අපේ රටේ මාධ්‍යවේදීන් තේරුම් ගන්නේ කවදාද?

මිත්‍රවරුනි, ඒ දිනය එළඹෙන තුරු අපේ පෞද්ගලිකත්වය, තිරිසන් සතෙකුටත් අන්ත ලෙස පිරිහී, නිරාවරණය වී පවතිනු ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...