සජිත්ගේ විහිළු

Date:

රජය විදුලි බිල වැඩි කළොත් පාරට බහිනවා යැයි සමගි ජන බලවේගය අනතුරු ඇඟවූ හෙයින් මහජන උපයෝගීතා කොමිසම මාස තුනකට විදුලි බිල වැඩි කිරීම කල් දැමු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

පසුගිය දිනවල 33%කින් විදුලි බිල අඩු කරනවා කියා ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම 6.8%ක විදුලි බිල වැඩි කිරීමකට සූදානම් වූ බවත් එයට හේතුව IMF එකේ පදයට නටමින් රූකඩ නර්තනයක වත්මන් රජය නියැළුණු නිසා බවත් යැයි විපක්ෂ නායකයා සඳහන් කරයි.

වත්මන් රජය බලයට ආවේ IMF නියෝජිතයන් ලෙස නොව ජනතාවගේ නියෝජිතයන් ලෙස ඡන්දයෙන් වන අතර ඔවුන් බලයට ආවේ IMF එකේ පදයට නැටීමට නොවන බවයි හෙතෙම සඳහන් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (16) ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පොළොන්නරුව මැදිරිගිරියේ පැවැති ජන හමුවක් අමතමිනි.

රු.9000 බිල 6000 කරනවා යැයි වේදිකාවක් වේදිකාවක් පාසා කියූ අතර ජනතාව එයට කැමති වූ නිසා ආණ්ඩුව පත් කරගත් බවත් එම නිසා විදුලි බිල අඩු කරවීමට ජනතාව පාරට බැසිය යුතු බවද හෙතෙම සඳහන් කර ඇත.

විපක්ෂනායකවරයා අලුත් විහිළු සපයන්නෙකු බවට පත්ව තිබේ. සමගි ජන බලවේගය පසුගිය මැතිවරණයේ පොරොන්දු වූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යන වැඩපිළිවෙලකි. අනුර වෙනුවට සජිත් පත්වූවා නම් මෙයටත් වැඩිය ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රට තුළ පැල කරනු ඇත. එසේම රාජ්‍ය සේවා සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීම වෙනසක් නොමැතිව සිදුවෙනු ඇත.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...