සජිත්ගේ විහිළු

රජය විදුලි බිල වැඩි කළොත් පාරට බහිනවා යැයි සමගි ජන බලවේගය අනතුරු ඇඟවූ හෙයින් මහජන උපයෝගීතා කොමිසම මාස තුනකට විදුලි බිල වැඩි කිරීම කල් දැමු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

පසුගිය දිනවල 33%කින් විදුලි බිල අඩු කරනවා කියා ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම 6.8%ක විදුලි බිල වැඩි කිරීමකට සූදානම් වූ බවත් එයට හේතුව IMF එකේ පදයට නටමින් රූකඩ නර්තනයක වත්මන් රජය නියැළුණු නිසා බවත් යැයි විපක්ෂ නායකයා සඳහන් කරයි.

වත්මන් රජය බලයට ආවේ IMF නියෝජිතයන් ලෙස නොව ජනතාවගේ නියෝජිතයන් ලෙස ඡන්දයෙන් වන අතර ඔවුන් බලයට ආවේ IMF එකේ පදයට නැටීමට නොවන බවයි හෙතෙම සඳහන් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (16) ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පොළොන්නරුව මැදිරිගිරියේ පැවැති ජන හමුවක් අමතමිනි.

රු.9000 බිල 6000 කරනවා යැයි වේදිකාවක් වේදිකාවක් පාසා කියූ අතර ජනතාව එයට කැමති වූ නිසා ආණ්ඩුව පත් කරගත් බවත් එම නිසා විදුලි බිල අඩු කරවීමට ජනතාව පාරට බැසිය යුතු බවද හෙතෙම සඳහන් කර ඇත.

විපක්ෂනායකවරයා අලුත් විහිළු සපයන්නෙකු බවට පත්ව තිබේ. සමගි ජන බලවේගය පසුගිය මැතිවරණයේ පොරොන්දු වූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යන වැඩපිළිවෙලකි. අනුර වෙනුවට සජිත් පත්වූවා නම් මෙයටත් වැඩිය ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රට තුළ පැල කරනු ඇත. එසේම රාජ්‍ය සේවා සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීම වෙනසක් නොමැතිව සිදුවෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...