කොළඹ වරාය සමුහ මිනීවලෙන් පුද්ගලයන් 106කට අයත් අස්ථි හමුවෙලා

කොළඹ වරාය සමුහ මිනීවල තුළින් අවම වශයෙන් පුද්ගලයන් 106ට අයත් මිනිස් අස්ථි සොයාගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාපයක් තුළින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේ හමු වු සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2025 ඔක්තෝබර් 13 වැනි සදුදා කොළඹ මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක ඉදිරියේ විභාගයට ගෙන තිබුනි.

මහේස්ත්‍රාත්වරයා එහිදි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේ ට නියෝග කර ඇත්තේ සමුහ සුසානයෙන් ගොඩ ගෙන ඇති මිනිස් අස්ථි සම්බන්ධයෙන් වන වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණ කටයුතු ආරම්භ කරන ලෙසයි.

කැනීම් කටයුතු වලින් ගොඩ ගත් අවම වශයෙන් පුද්ගලයන් 106 දෙනකුට අයත් මිනිස් අස්ථි මේ වන විටත් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර පොලිසිය (SOCO) භාරයේ පවතින අතර ඒවා ඉදිරියේදී අධිකරණය හරහා විශ්ලේෂණ කටයුතු සදහා බාර දීමට නියමිතව ඇත.

කොළඹ වරාය සමුහ සුසානයේ කැනීම් කටයුතු මෙහෙයවනු ලැබුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේ සහ වෝහාරික පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව විසිනි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වොෂාන් හේරත් ඔක්තෝබර් 13 වැනි දා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණ කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියළු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් යුතුව සාකච්ඡාවක් පැවැත්විය යුතු බවයි.

2025 නොවැම්බර් 28 වැනිදා මෙම නඩුව යළි කැදවීමට මහේස්ත්‍රාත්වරයා දින නියම කර ඇත.

කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටියදී 2024 ජුලි මස 13 වැනිදා පළමු වරට මිනිස් අස්ථි කොටස් හමු වී තිබුනේ එම ඉඩමේ පිහිටි පැරණි ලේකම් කාර්යාල පරිශ්‍රයෙනි.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහගේ නියමයෙන් 2024 සැප්තැම්බර් 05 වැනි බ්‍රහස්පතින්දා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලදී.

අහම්බයෙන් හමුවු කොළඹ වරාය සමුහ සුසානයෙන් අවම වශයෙන් පුද්ගලයන් 106 දෙනෙකුට අයත් මිනිස් අස්ථි ගොඩ ගෙන ඇති අතර එය මෙරට මෙතෙක් කැනීම් කළ සිව්වැනියට විශාලතම සමුහ මිනි වළයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...