පන්තියට දේශපාලනය තේරුම් ගන්න අධ්‍යාපනය අවශ්‍යයි -පැරණි වමට හරිණිගෙන්.. වෙඩි පහරක්…

සිස්ටම් එකක් වෙණස් කරණව කියන්නෙ ලෝකය වෙණස් කරනව කියන්නෙ පහසු දෙයක් නෙවියි…

මුළු ආර්ථික මොඩල් එකක් වෙනස් කරන්න මුලින්ම අවුරුදු ගණනක් මිණිස්සු ඇඩික්ට් වෙලා ඉන්න ආර්ථික මොඩල් එකකින් ගලවණව කියන එක පහසු නැහැ.. ඒකට මුලින්ම මිණිස්සු හිතන විදිහ සහමුලින් වෙණස් කරන්න වෙනව..

පක්ෂයට අධ්‍යාපනය පංතියට දේශපාලනය කියන ලංකාවෙ වමේ ව්‍යාපාරය හිටපු පැරණි දේශපාලන අදහසට හරිණිගෙ මේ ප්‍රකාශයෙන් වෙඩිල්ලක් වදිනව…

සහ යථාර්ථය මේක.. ඒකට මුහුණ නොදී සිස්ටම් එකක් වෙණස් කරණව කියන්නෙ සිහිණ පමණයි..

කණ්ඩායමක් අතට පමණක් යන ලාභ කදු ගොඩගැහෙණ සියල්ල කැන්සල් කලත්.. හොරකම වංචාව දූෂණය සියල්ල නැවැත්තුවත් හරිණි මේ කියන
යාථාර්ථයට අපිට මුහුණ දෙන්නම වෙනව….

ඒක දීර්ඝ කාලීන ක්‍රියාවලියක්…

රාජ්‍යය බලය ගත්තු ගමන් මිණිස්සුන්ට සුර සැප ලැබෙණව කියල කවුරු හෝ කියණවනම් ඒක එදා වේලෙ දේශපාලනය…
හරිණි කියනව වගේම අදටත් වඩා දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙණව.. රටක් විදිහට මිණිස්සු අනාගතය සම්බන්ධ සුබ සිහිණ සහිතව අනාගතය වෙණුවෙන් අද දවසෙ කැප කිරීම් කරන්න වෙනව..

නිෂ්පාදන ආර්ථිකයක් සහිත ආර්ථික මොඩල් එකක් හදන්න තීරණය කලත් සත්‍යය ඒක.. ඒ යථාර්ථයට මුහුණ දෙන්න වෙනව.. ඒ වෙණුවෙන් මිණිස්සු හිතන විදිහ වෙනස් කිරීම අනිවාර්යක්..

අපි උදේ ඇහැරෙණ මොහොතේ ඉදන් නින්ද යන මොහොත දක්වා ජීවිතේ තියෙන්නේ සිස්ටම් එකක් අපිට පුරුදු කරපු ජීවන ව්ලාශයකට ඇඩික්ට් වෙලා..

පිළිම වදින එක නෙවෙයි බෞද්ධ කියන්නේ දර්ශණයක් අවබෝධ කරගැනීම කියලා අවුරුදු ගණනක් පිළිම වඳින්න පුරුදු වුණු බෞද්ධයෝ පිළිගන්නේ නැහැ වගේ ජීවිතේ සීස්ටම් එක පුරුදු කරපු ජීවන විලාශයකට ඇඩික්ට් වුණු මිණිස්සුනගෙ ජීවන විලාශය වෙනස් කරණ එක පහසු දෙයක් නෙවෙයි….

අවුරුදු ගණනක් පුරුදු වුණු ඇඩික්ෂන් කඩන එක පහසු දෙයක් නෙවියි…

ඩ්‍රග්ස් ඇඩික්ෂන් වලට වඩා සංස්කෘතිය.. ජීවන විලාශය කියන ඇඩික්ෂන්

එක ස‍ංකීර්ණයි… ඩ්‍රග්ස් ඇඩික්ට් කෙනෙක්ට ඩොක්ට කෙනෙක් ඒකෙන් ගලවන්න විශාල ක්‍රියාවලියක් තියෙනව.. ඒ වගේ තමයි සිස්ටම් එකක ඇඩික්ෂන් ගලවන එක පහසු දෙයක් නෙවියි.. අදට වඩා ඒක වෙණුවෙන් දුෂ්කරතා විදින්න වෙනව..

වෙණස තියෙන්නේ අද පාලකය කියන්නෙ මිණිස්සුන්ට දුක.. පාලකයට සැප.. ආර්ථික ක්‍රියාවලියක් සහ ජීවන විලාශයක් වෙනස් කරන සත්‍යවාදී ක්‍රියාවලියක මුලින්ම ජනතාවට ඒ විශ්වාසයත් හදන්න වෙනව… අද දවසේ දුෂ්කරතා විදින්නෙ හෙට දවසේ යහපත් අනාගතයක් වෙණුවෙන් කියල.. මුල් තප්පරේ එන ජනතා විරෝධය නවත්වන්න පුළුවන් ඒ විශ්වාසය ජනතාවට හැදුවට පස්සෙ…

ඒකයි කිව්වෙ..
පළමුවත් අධ්‍යාපනය..
දෙවණුවත් අධ්‍යාපනය…
තෙවණුවත් අධ්‍යාපනය…..

ලෝකය වෙනස් කිරීම සිස්ටම් එකක් වෙනස් කිරීම රාජ්‍යය බලය ගත්තත් පහසු කාර්යක් නොවෙන්නෙ ඒ නිසා…

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...