ජනතාව ඉන්ධන ලබාගැනීමට දිගු පෝලිම්වල – මන්ත්‍රීවරුන්ගේ වාහනවලට පොලීසියෙන් තෙල්

මේ දින කිහිපයේ ඉන්ධන ලබාගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල සිටිනු දැකිය හැකිවිය. අද දිනය තුළ ඉන්ධන හිඟයට එරෙහිව ජනතාව මාර්ග හරස් කරමින් විරෝධතාවලද නිරතවෙනු දැකිය හැකිවිය. ඊට අමතරව ඉන්ධන හිඟය රටම අකර්මණ්‍ය කරන තැනට පත්වෙමින් තිබේ.

මේ අතර අද දිනය තුළ වාර්තා වූවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින බවයි.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල ආසන්න වශයෙන් රුපියල් 505 ක් වනු ඇති.

මේ හරහා ඉන්ධන හිඟයට අමතරව භාණ්ඩ හා සේවා මිල ගණන් ද ඉහළ යනු ඇත.

රටේ සාමාන්‍ය ජනතාව මුහුණදෙමින් සිටින මෙම අර්බුද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට නම් බලපා නොමැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ඉන්ධන හලෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාදීමට තීරණය කර තිබෙනවා.

කතානායකවරයාගේ ඉල්ලීමක් පරිදි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බලාදෙන ඉන්ධන දැනට පවතින තත්ත්වය පහව යන තෙක් කෙටි කාලයක් සඳහා පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...