Breaking News

ජනතාව ඉන්ධන ලබාගැනීමට දිගු පෝලිම්වල – මන්ත්‍රීවරුන්ගේ වාහනවලට පොලීසියෙන් තෙල්

මේ දින කිහිපයේ ඉන්ධන ලබාගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල සිටිනු දැකිය හැකිවිය. අද දිනය තුළ ඉන්ධන හිඟයට එරෙහිව ජනතාව මාර්ග හරස් කරමින් විරෝධතාවලද නිරතවෙනු දැකිය හැකිවිය. ඊට අමතරව ඉන්ධන හිඟය රටම අකර්මණ්‍ය කරන තැනට පත්වෙමින් තිබේ.

මේ අතර අද දිනය තුළ වාර්තා වූවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින බවයි.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල ආසන්න වශයෙන් රුපියල් 505 ක් වනු ඇති.

මේ හරහා ඉන්ධන හිඟයට අමතරව භාණ්ඩ හා සේවා මිල ගණන් ද ඉහළ යනු ඇත.

රටේ සාමාන්‍ය ජනතාව මුහුණදෙමින් සිටින මෙම අර්බුද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට නම් බලපා නොමැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ඉන්ධන හලෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාදීමට තීරණය කර තිබෙනවා.

කතානායකවරයාගේ ඉල්ලීමක් පරිදි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බලාදෙන ඉන්ධන දැනට පවතින තත්ත්වය පහව යන තෙක් කෙටි කාලයක් සඳහා පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත.

leave a reply