භාරතය නම් ප්‍රේමයයි . ප්‍රේමය නම් භාරතයයි.

භාරත භූමිය කෙරෙහි අපට ඇල්මක් ඇත. සිංහල දෙමළ අප සියල්ලටම එම ඇල්ම ඇත. එය ආවේ කොහෙන්ද? පුංචිම කාලයේ අපිට කතා කියා දුන් වැඩිහිටියන් සැරිසැරුවේ ඒ බිමේය. මට සාම ජාතක සිිහි වෙයි. ලින්ඞ්සේ බාලිකාවේ එකේ පංතියේදී තෑලිස් මිස් ඒ කතාව කියා දෙද්දී මම ඉකිබිඳි හැ ඩුවෙමි. මගේ ගුරුවරියට මා නළවා ගත නොහැකි විය. මා සිටියේ භාරතයේ මහා වනයක් මැදය. බරණැස් රජු සාම කුමාරයාට විදි විෂ පෙවූ හීය ඇණී තිබුණේ මටය. සාම කුමාරයාගේ නොව එය මගේ වම් ඇලයෙන් ඇතුල් වී දකුණු ඇලයෙන් පිටව තිබුණි. මට වේදනාව දැනුණි. මම ඇඬුවේ මගේ වේදනාවටය. දැන් දැන් මා සුවපත් කරන්නට මගේ අම්මාත් තාත්තාත් පැමිණෙනු ඇත. ඔවුන් … Continue reading භාරතය නම් ප්‍රේමයයි . ප්‍රේමය නම් භාරතයයි.