ලංකාවේ සහ ලෝක පාලකයින් ගේ අවධානය පිණිස.කොරෝනා අපට කිවූ කතාව

තමන්ට තරම් නොවන තමන් හෑල්ලුවට ලක් කරමින් තමන් මෙතෙක් ලංකාවට ලබා දුන් අවස්ථාව නොසලකා ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් උරණ වූ කොවිඩ් 19 ශ්‍රී ලංකාවට මෙසේ පහර දීමට තීරණය කර ඇතැයි අප සමග පැවසීය.

  1. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රාමාණික බුද්ධිමතුන් කොතෙකුත් සිටියදී එය නොසලකා හමුදාව මැදිහත් කිරීමට එරෙහිව ඔවුන් හඹා යාමට තමන් තීරණය කල බවත්.

  2. මෙතෙක් තමන් ලබා දුන් අවස්ථාව හෑල්ලුවට ගනිමින් මැතිවරණ රුදාවෙන් යුතුව කටයුතු කිරීමත් තමන් උරණවුමට බලපෑ බවත්.
    තව දුරටත් පැවසූ කොරෝනා ඉදිරියේදී අගට යෙදෙන අංක 2 සලකා සාමාන්‍ය ජනතාව හඹා යෑම හැකි තරම් සීමා කිරීමට තමන් උනන්දු වන බවත් වැඩි දුරටත් පැවසීය.

ඉදිරියේදී අදාල බලධාරීන් කටයුතු කරන ආකාරය තමා හොදින් නිරීක්ෂණය කරන බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසු බට නොවන බවත් පැවසූ කොරෝනා ජනතාව ගැන තමාට හැගීමක් තිබෙන නමුත් ට්‍රම්ප් බොරිස් වැනි උද්දච්ච පාලකයින් ඊට වගකිව යුතු බවත් වැඩි දුරටත් පැවසූ කොරෝනා කියා සිටියේ මහජන සෞඛ්‍ය බිල්ලට දෙමින් කටයුතු කරන මේ සිස්ටම් එක චේන්ජ් වෙන ඕනෑම අවස්ථාවක තමා කොන්දේසි විරහිතව පලා යාමට සූදානම් බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...