සමාදෙන්නම් තරහ නෑ මම

කදුලු පෙර පෙර ළඟින් උන්නේ
නොදැන කළයුතු දෙයක්
කැවුනු බත්පත ඉබේ ගිලුනේ
වැදෙන පහරට බිය මිසක්
රිදුනු විට මට හොරෙන් බැලුනේ
අම්මේ උබේ තුරුලේ ඉඩක්
සිඳුණු නුඹේ ළයේ සෙනෙහෙ පෙනුනේ
මවක් නොව නුඹ යම දුවක්

පොඩිදෙපා පොළොවේ වැටෙද්දී
නිසිතුනිද ගන්නට ඇකයේ ගසා
අද නිදන විට කකි මවකගෙ
දැනුනි සුවදක් පොඩි හිත වසා
කොතෙක් නින්දා ලොව කලත් අද
මාව බිහිකළ මව නිසා
සමාදෙන්නම් තරහ නෑ මම
හෙටක් දැන් මට නැති නිසා

 

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...