බඩගින්න vs නිදහස

මෙම සිදුවීම කර්නාටක ප්‍රාන්තයේ කොම්බාරු අභයභූමියට යාබද තානායමේදී සිදු වූවක්.
දිවියෙකු බල්ලෙකු පසුපස එළවා ගොස් තිබේ . බල්ලා ජනේලයකින් අසළ තිබූ වැසිකිළියට ඇතුළු වී ඇත. වැසිකිළිය පිටතින් වසා තිබුණකි. දිවියා බල්ලා පිටුපසින් ඇතුළු වූ අතර දෙදෙනාම වැසිකිළියේ සිරවී ඇත. දිවියා දුටු බල්ලා කලබල වී නිහඬව එක් මුල්ලක වාඩි විය. බල්ලා බුරන්නට පවා එඩිතර වූයේ නැත.
දිවියා බඩගිනි වී බල්ලා එළවාගෙන ආවත් ඌ බල්ලා සපා කෑවේ නැත. එක පිම්මකින් බල්ලා කා දමා ඌට රාත්‍රී ආහාරය ගත හැකිව තිබුණි.
නමුත් සතුන් දෙදෙනා පැය දොළහකට ආසන්න කාලයක් වැසිකිලියේ මුළුවල වී සිට තිබේ. මේ පැය දොළහ තුළ දිවියාද නිහඬව සිට ඇත. පසුව වනජීවී දෙපාර්තුමේන්තුව විසින් නිර්වින්දනය කර දිවිය අල්ලා ගෙන තිබේ.

දැන් ප්‍රශ්නය, බඩගින්නේ සිටි කොටියා ඉතා පහසුවෙන් බල්ලා ගොදුරු කරගැනීමට ඉඩ තිබියදී එසේ නොකළේ ඇයි ??
වනජීවී පර්යේෂකයන් මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබාදී ඇත.
ඔවුන්ට අනුව, වන සතුන් ඔවුන්ගේ නිදහසට ඉතා සංවේදී ය. ඔවුන්ගේ නිදහස අහිමි වී ඇති බව දැනගත් වහාම, ඔවුන්ගේ කුසගින්න අමතක කිරීමට තරම් ඔවුන්ට දැඩි ශෝකයක් දැනේ. කුසගින්න නිවාගැනීම සඳහා ඔවුන්ට ඇතිවන ස්වභාවික අභිප්‍රේරණය නැතිවී යාමට පටන් ගනී.

නිදහස සහ සතුට එකිනෙක සම්බන්ධ වේ. එනම් අපට සතුටෙන් සිටීමට අපට අවශ්‍ය ආකාරයට සිතීමට, ක්‍රියා කිරීමට සහ ජීවත් වීමට ඇති නිදහස වැදගත් වේ .

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...