රට තුළ හදිසි තත්ත්වයක්,ස්වභාවික ව්‍යසනයක් වැනි සමාජය කලඹන තත්ත්වයන් තුළ ,මෑත කාලීනව අපට පුරුද්දක් ලෙස මාධ්‍ය සදාචාරය පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා .ධනවාදය විසින් පනවාගෙන ඇති අවම මාධ්‍ය සදාචාර නීති රීති පවා විශේෂයෙන්ම ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නග්න ලෙස උල්ලංඝනය කරනවා . මේ ජඩ මාධ්‍ය කරණයට එරෙහිව සමාජය තුළ විරෝධය පැන නගිනවා .
මේ මාධ්‍ය භාවිතාව පිළිබඳව විවර අපි සමාජයේ විවිධ තරාතිරම් නියෝජනය කරන කිහිප දෙනෙකුගෙන් අදහස් විමසනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදී තුසිත පතිරණ දරන අදහස.
අද දවසේ ලංකාවේ මාධ්‍ය මුළුමනින්ම මුදලාලීකරණය වු හා ඔවුන්ගේ මුල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ගොඩ නැගුණ ජන අයිතීන් මර්දනීය මෙවලමක් බව පළමුව සදහන් කළ යුතුමය. ලංකාවේ මධ්‍ය භාවිතාව ව්‍යසනකාරී අවස්ථාවන්හිදී හැසිරීම යනුවෙන් වෙන් කොට ගත්තත් නැතත් මාධ්‍ය යේ භාවිතාව නිර්ලජ්ජිත වූවක් බව පුටුවක වාඩි වී ටෙලිවිෂනය දෙස බලා සිටින්නෙකුට මෙන්ම බසයක හෝ වෙනත් ස්ථානයක සිට සවන් දෙන්නෙකුට මනාව පසක් වන කාරණයක්.
ඔබගේ ප්‍රශ්නේ මූලික අරමුණට ගියහොත් යම් ව්‍යසනකාරී අවස්ථාවන්හිදී ලංකාවේ මාධ්‍ය භාවිතාව සුවිශේෂීවේ. ව්‍යසනයක් වූ අවස්ථාවක ඔවුන් ජනතාව සමග ක්‍රියාත්මක වන බවට වන පෙනුමක් හුවා දැක්වුවද එකී මුහුණුවට යටව සිදුකරන්නේද මාධ්‍යය පාදඩකරණයේ යෙදවීමකි. උදාහරණයක් ලෙස ගං වතුර හෝ ජල ගැලීම් තත්වයන් හිදී ඔවුන් සහනාධාර එකතු කිරීමේ තරඟයට බසින්නේ එකෙකු පරයා අනෙකා සිදුකරන ජනතාව වෙත සහන සැලසීමේ කටයුතු කරන බව පෙන්වීම උදෙසාය. මෙහි අභ්‍යන්තරයේ වඩා වැඩි රේටින් ප්‍රතිශතයක් උදෙසා වන තරගයක නිරත වන අතරම තමන්ගේ සන් නාමය හුවා දැක්වීම උදෙසා අනේක විධ කූටෝපායන් අනුගමනය කරන්නේය.
ආසන්නතම ව්‍යසනය වන කොරෝනා වසන්තයේදී මාධ්‍යෙය් භාවිතාව මේ වන විට අතිශය සමාජ කතිකාවන්ට ලක් වෙමින් පවතී. පුද්ගලයෙකුගේ මූලික මිනිස් නිදහස අමු අමුවේ කෙලෙසා දමන්නට මාධ්‍යය විසින් කටයුතු කරන්නේ සැහැසි නිරුවත් බව පෙන්වා දෙමිනි. කෙනෙකු රෝගියෙකු වීම මත ඔහු හෝ ඇය සමාජයට නිරාවරණය කිරීම හෝ ඔහු හෝ ඇය පසු පස කැමරා කාච දුවන්නේ දඩයම් කරුවෙකු ගොදුරක් පසු පස ලුහු බදින්නාක් මෙනි. මේ කවර නම් මාධ්‍ය සදාචාරයක්ද?
ලැජ්ජය, නින්දිතය, ම්ලේච්ඡය. ළමා අපරාචරයකදී අපචාරය කරනු ලැබූ තැනැත්තා වෙනුවට එයට හසු වූ දරුවා හෝ දැරිය සමාජය හමුවේ නිරාවරණය කිරිමත්, ගණිකා වෘත්තියෙහි නියැලෙන්නියක සමාජය හමුවේ නිරාවණය කිරීමත්, දුකට පත්ව සිට තම මානසිකත්වය හා නිදහස ඒ මත තැබීමට වන මිනිස් අයිතිය උල්ලංඝණය කරමින් එකී දුකට පත් පුද්ගලයා සමාජය හමුවේ නිරාවරණය කිරීම කුමන මාධ්‍ය සදාචාරයක මූල ධර්මයක්දැයි මේ වන විට ප්‍රශ්නාර්ථයක්ව පවතී.
ධනේෂ්වරය සමාජයේ හෝ මිනිසාගේ ගුණයන් කෙලෙසීම එහි මූලික අංගයක්ව පැවතියද එහි අවමය රැකීමට හෝ මාධ්‍ය ආචාර්ය ධාර්මිකත්වය පුද්ගලයාගේ යහපත උදෙසා වන බවට ඉගැන්වීම් සදහා පමණක් සීමා කරමින් මුදලාලියෙකුගේ ත්‍රාඪ අවශ්‍යතා පමණක් සම්පූර්ණ කිරීම උදෙසා කැමරා කෝණ හා හඬ මුසුවීම් මෙන්ම ලිවීමද භාවිතා වීම මේ සමාජය ම්ලේච්ඡත්වයට ඇදගෙන යාම මොනවට ඉටු කරමින් සිටින්නේ මාධ්‍ය වීම අතිශය කනගාටුවට කරුණක්ව ඇත.
එබැවින් කොව්ඩ් 19 ව්‍යසනය හමුවේ පුද්ගලයෙකු පීඩාවට පත්වන්නේ කොතරම්ද ඒහා සමාන පීඩාවක් එකී පුද්ගලයා වෙනුවෙන් මාධ්‍ය විසින්ද සිදු කිරීම මාධ්‍ය වේදීන් ලෙස කවරහෝ තැනැත්තෙකු කැමරාවක් පෑනක් හඩක් මුසු කරන්නේ නම් ඔවුන් විලි ලැජ්ජා විය යුතු කරුණකි.
මේ තත්වයන් හමුවේ ජනතාවට වගකීමක් ඇත. ඔබව කෙලෙසන්නේ ඔබව රැකිය යුතු පාර්ශවයක් නම් එකී පාර්ශවයේ මුග්ධ වහල් භාවයට පිළිතුරු දිය යුත්තේද ඔබ විසින්මය. තමන්ට අනවැසි දේ ප්‍රවෘත්ති ලෙස ලබා දෙන හෝ තමා මර්දනය කිරිම සදහා කැස කවන මාධ්‍ය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඔබ සතුය. එකී කරුණේදී ත්‍රාඪ ධනපතිත්වයේ වහලෙකු වූ මාධ්‍යයන් වාරණය කිරීම එක් එක් පුද්ගයා සතු අද දවසේ වගකීමක් ලෙස මෙහිලා සදහන් කළ යුතුමය.