Breaking News

රෝහණ විජේවීර එදා දැකපු දේ අද සිද්ධ වුණා . අනුර කුමාරට අඩි 5000 ට උඩ ඉඩම් ලබාගත හැකි වෙයිද ?

අද පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක කළ දීර්ඝ කතාවේදී අඩි 5000ට වඩා ඉහළ ප්‍රදේශවල යළි වන වගාව ඇති කරන බවත් එම ඉඩම් සහ දේපළ වන්දි ලබා දී ආණ්ඩුවට පවරා ගන්න බවත් කියා සිටියා .

1970 අගෝස්තු 10 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා කළ ප්‍රකාශයක් තියෙනවා . එහි සඳහන් වන්නේ මෙවන් කරුණක් .

” ආදරණීය සහෝදර සහෝදරියනි.

අද මේ මංගල රැලිය මා අමතන්නේ, මරණීය වරෙන්තුව අතේ තබා ගෙනයි. සුදු අධිරාජ්‍යවාදීන් අපගේ මාතෘ භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමෙන් පසුව කන්ද උඩරට අඩි 5000 ට වඩා උස භූමිය කපා විනාශ කොට තේ වගා කළා. ඉන් පසුව කළු සුද්දෝ ඉතිරි වනාන්තර ටිකත් කපා මහා විනාශයක් සිදු කරමින් ඉන්නවා. මේ මහා විනාශය නැවැත්තුවේ නැත්නම්, දශක තුනක් හතරක් ඉදිරියට සද්දී නාය යාම්, සෝදාපාලුව, ගංවතුර, කඳු කඩා වැටීම් වලින් ජන සංහාරයක් සිදු වෙනවාමයි.

මේ මාතෘ භූමියේ භූගෝලීය තත්වය අනුව ස්වභාවික පරිසරයේ සමතුලිත බව රැකීමට නම් අනිවාරයෙන්ම අඩි 5000ට වඩා උස භූමිය වනගත කළ යුතුයි. කළු සුද්දනි. මේ මහා විනාශය දැන්වත් නවත්තපල්ලා…. කොපි එසේ නොකළහොත් එදාට මා ජීවතුන් අතර සිටින්ටත් නොසිටින්නටත් පුළුවන්. නමුත් නාය යාම් වලින් කඳු කඩා වැටීම් වලින් සිය දහස් ගණන් ජනයා මිස යාම වළක්වන්න බැහැ.

රෝහණ විජේවීර සහෝදරයාගේ මේ ප්‍රකාශයෙන් දසක හයකට ආසන්න කාලයකදී ඔහු කළ ප්‍රකාශය සත්‍යයක් බවට පත් වෙනවා . එසේ වන්නේ ඔහු අනාවැකිකරුවකු නිසා හෝ ද්භූත බලයකින් අනාගතය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට ඇති හැකියාවක් නිසා නොව ගොඩනැගෙමින් පැවති කොල්ලකාරී දේශපාලන ක්‍රියාවලිය සියල්ල විනාශ කරමින් ඉදිරියට ඇදෙන ආකාරය දෙස බලා හිඳය .

සුනාමියෙන් පසු මුහුදු වෙරළේ සිට මීටර් 100ක් ඇතුළත සිටින සියලු දෙනාම ඉවත් විය යුතු යැයි එවකට පැවැති ආණ්ඩුව නීති සම්පාදනය කර ප්‍රකාශ කලද අවසානයේ ඒ නීතිය බල පැවැත්වුණේ වෙරළාසන්නේ ජිවත් වූ දුගී දුප්පත් ජනතාවට පමණි. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට හෝ දේශපාලන රැකවරණය ලැබෙන කිසිවෙකුත් ඒ සීමාවෙන් එළියට පැමිණියේ නැහැ . . වර්තමාන ආණ්ඩුව නීති සම්පාදනය කර වැව් පෝෂිත කලාපවලින් පොඩි මිනිසුන්ව ඉවත් කළද ඩඩ්ලිලා වැනි ව්‍යාපාරිකයන්ට ඉන් ඉවත්වීමට බලපෑම් සිද්ධ කළේ නැහැ .

අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයට අඩි 5000ට වඩා ඉහළ ප්‍රදේශවල යළි වන වගාව ඇති කරන බවත් යම් හෙයකින් මේ වන විටත් එම සීමාවේ ඉඩම් අත්පත් කරගත් හෝ අයිති පුද්ගලයන් සිටී නම් ඔවුන්ට දේපළ වන්දි ලබා දී ආණ්ඩුවට පවරා ගන්නා විට මේ අයට කුමක් සිදු වේවිද ?

පහත උපුටා ගැනීම ලක්ෂාන් මදුරංගගේ සටහනකිනි

විය යුතු ම දේවල්… හැබැයි මේ වන විටත් අඩි 5000ට වැඩි ඉඩම් ප්‍රධාන වශ්‍යෙන් අයත් වන්නේ රජයට ය. අනෙක් විශාලත ම ඉඩම් ප්‍රමාණය අයත් වන්නේ සමාගම්වලට ය. විශේෂයෙන් ම ප්‍රාදේශීය වැවිලි සමාගම්(RPC) සතු මෙම ඉඩම් හිමි වී ඇත්තේ Melstacorp Group, Carson Cumberbatch Group, Hayleys Group, Lanka ORIX Leasing Company, Aitken Spence Group යන සමාගම්වලට ය.

leave a reply