ධනවාදයේ ලක්ෂණයක් තමයි මිනිස්කම් වෙනුවට ලාභය උත්කර්ෂයට නැංවීම

Date:

රට තුළ හදිසි තත්ත්වයක්,ස්වභාවික ව්‍යසනයක් වැනි සමාජය කලඹන තත්ත්වයන් තුළ ,මෑත කාලීනව අපට පුරුද්දක් ලෙස මාධ්‍ය සදාචාරය පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා .ධනවාදය විසින් පනවාගෙන ඇති අවම මාධ්‍ය සදාචාර නීති රීති පවා විශේෂයෙන්ම ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නග්න ලෙස උල්ලංඝනය කරනවා . මේ ජඩ මාධ්‍ය කරණයට එරෙහිව සමාජය තුළ විරෝධය පැන නගිනවා .

මේ මාධ්‍ය භාවිතාව පිළිබඳව විවර අපි සමාජයේ විවිධ තරාතිරම් නියෝජනය කරන කිහිප දෙනෙකුගෙන් අදහස් විමසනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් කවියෙකු සමාජ ක්‍රියාධරයෙකු වන ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න දරන අදහස.


ඔය ලක්ෂණය ලංකාවෙ මාධ්‍යයට විතරක් අදාළ ලක්ෂණයක් නෙවෙයි.හැම සංස්ථාවක ම භාවිතයක ම වගේ තත්ත්වය ඕක යි. වෙන එකක් තබා ලංකාවෙ පුරවැසියාගෙ තත්ත්වය බලන්න. දියුණු ධනේශ්වර මිනිසෙකුගේ ස්වාභාවය අපට දකින්න ලැබෙනව ද ? ධනවාදය ලංකාව තුළ තහවුරු වෙන්නෙ ම අබ්බාගත විදියට. අනෙක තමයි ධනවාදය කියන්නෙ ම මිනිස් වටිනාකම් වෙනුවට ලාභය උත්කර්ෂයට නංවන සමාජ ක්‍රමයක්. ඒක ඇතුළෙ සදාචාරය වගේ දේවල් පවතින්නෙ ප්‍රාග්ධනයට අවශ්‍ය පරිදි හැසිරෙන මොහොතවල්වල පමණ යි. සදාචාරය ප්‍රාග්ධන උවමනාවට බාධාවක් වෙච්ච ගමන් ඒ සම්බන්ධ වගකීම බිඳ වැටෙනවා.ඔය කියන තත්ත්වයට උදාහරණ අපේ වගේ රටවල්වල විතරක් නෙවෙයි ඉතා ම දියුණු ධනේශ්වර මාධ්‍ය ආයතනයන්ගේ භාවිතය ඇසුරිනුත් අපට ඕනෑ තරම් නිරීක්ෂණය කරන්න පුළුවන්.

ඒ නිසා මම නම් ලංකාවෙ මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් අමුතුවෙන් පුදුම වෙන්නෙ නෑ. හැබැයි එහෙම කියලා මේ හැසිරීම්වලට එරෙහිව නිහඬ වෘතයක් අනුගමනය කරන්න ඕන කියලා නෙවෙයි අපි කියන්නෙ. මේ හැසිරීම්වලට පෞද්ගලිකවත් සාමුහිකවත් එරෙහි වෙන්න ඕන. ප්‍රශ්නෙ තියෙන්නෙ දෙවෙනි ඉනිම බලන පුරවැසියා එතනට ගෙන එන්නෙ කොහොමද, කියන එක. ඒක කරන්න පුළුවන් නම් ලංකාවේ සමාජ විප්ලවයත් ඉක්මනට කරන්න පුළුවන් කියන එක යි මගේ අදහස.

මාධ්‍ය තරඟ කරන්නෙත් මුදල් හොයන්න නම් එතන සදාචාරය ඉතුරු වෙන්නේ නෑ

මිනිස් අයිතීන් අමු අමුවේ කෙලෙසන මාධ්‍ය වාරණය කිරීමේ කාලය පැමිණ ඇත

 

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...