Breaking News

ETCA – පිටුපස තියෙන්නේ ඉන්දියාවේ දේශපාලන උවමනාව – අනුර කුමාර දිසානායක

ආර්ථික සහ තාක්‍ෂණික සහයෝගීතා ගිවිසුම ETCA ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට වර්තමාන ආණ්ඩුව යළි සලකා බලනවා කියා වසන්ත සමරසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා. (ETCA)ගිවිසුම කරළියට එන්නේ 2013 වසරේදීයි. එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ ඉන්දියාව සමග මේ ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ දැරුවා. වර්තමාන ජාතික ජන බලවේගයේ ප්‍රධාන පාර්ෂවකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ එදා සිටියේ ETCA ගිවිසුම රටට අහිතකරයි කියමින් විරුද්ධ පාර්ශ්වයේ .එදා (ETCA)ගිවිසුමට විරෝධය පාමින් විශාල ජනඝෝෂාවක් කළ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය අද සූදානම් වෙනවා රටට අහිතකර මේ ගිවිසුම නැවත බලාත්මක කිරීම සඳහා සලකා බලන්න .

එදා ජනතා විමුක්ති පෙරමුණ මේ ගිවිසුමට එරෙහිව කළ පැහැදිලි කිරීම් අනුව කිසිසේත්ම ETCA ගිවිසුම යළි සලකා බැලීමට සුදුසු එකක් නෙමෙයි. අනුරලාගේ පැරණි පැහැදිලි කිරීම්කි වලට අනුව වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව සමඟ එක්ව ඉන්දියාව මේ ගිවිසුම අත්සන් කළත් එහි අවාසිය සිදුවන්නේ ශ්‍රී ලංකාවටයි.

ETCA ගිවිසුමට එදා විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළ අදහස් කීපයක් අපි විමසා බලමු.

ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති නායක කේ.ඩි ලාල්කාන්ත 2016 අගෝස්තු 28 වැනිදා-

මතක තියාගන්න වර්තමාන ආණ්ඩුව සූදානම් කරලා ඉවරයි අපි වැඩ කළාට පස්සේ ගෙවන පඩිය අඩු කරන්න.ඒ සැලසුම දැන් ක්‍රියාත්මකයි. ඒකට කියන නම ETCA .JVP එකෙන් පෝස්ටරයක් ගැහුවා ETCA පරදවමු කියල.මිනිස්සු බැලුවා මොකක්ද යකෝ? මැක්කෙක් වගේ එකෙක්ද කියලා.තේරෙන්නේ නැහැනේ මේ කතාව.ඔන්න ඕකට විරුද්ධ උනා ඉංජිනේරුවොයි,රජයේ වෛද්‍යවරුයි.එතකොට ආණ්ඩුව කිව්වා ඔයගොල්ලන්ව අපි බේරලා තියන්නම් කියලා.දැන් සමහර ඉංජිනේරු කණ්ඩායම් ආණ්ඩුව එක්ක එකතු වෙලා සාකච්ඡා කරනවා ETCA ලස්සන කරන්න.කොච්චර ලස්සන කලත් ගැඹුරේ තියෙන කාරණය තමයි රැකියා ප්‍රමාණය අඩු කරලා වැඩ කරන අපිට ගෙවන වැටුපේ ප්‍රමාණය අඩු කිරීම.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා 2016 මාර්තු 10 වෙනිදා කොළඹ පත්‍රිකා බෙදීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්

වර්තමාන ආණ්ඩුව ඉන්දියාව එක්ක වෙළඳ සහ තාක්ෂණ ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් කරලා තියෙනවා.අපි දකින්නේ මේක ඉතාමත් බරපතල ලෙස අපේ ආර්ථිකයට හානි කරනවා කියලයි. මීට කලිනුත් ආණ්ඩුව ඉන්දියාව සමඟ ආර්ථික ගිවිසුම් කිහිපයක් අත්සන් කරලා තියෙනවා. ඒ ගිවිසුම් කිසිවක් ලංකාවේ ආර්ථිකයට වාසි වෙලා නැහැ.කලින් අත්සන් කළ ගිවිසුම් පිළිබඳ සමාලෝචනයකින් තොරව තමයි ආණ්ඩුව මේ අලුත් ගිවිසුම අත්සන් කරන්න යන්නේ.

ඉන්දියානු භාණ්ඩ බදු රහිතව පැමිණීම නිසා ලංකාවේ දේශීය නිෂ්පාදනය බරපතළ කඩා වැටීමකට ලක්වෙනවා. අනිත් පැත්තෙන් ඉන්දියානු ශ්‍රමිකයන් ලාභදායි ශ්‍රමයට ලංකාවට පැමිණීම නිසා ලංකාවේ රැකියා විරහිත භාවය වැඩිවීමේ ඉඩකඩක් තියෙනවා.

ඉන්දියාව සමග අත්සන් කරන මේ ගිවිසුම් කිසිසේත්ම ලංකාවට වාසිදායක ප්‍රතිලාභ අත් කර දෙන්නේ නැහැ.ඉන්දියාවට ප්‍රතිලාභ අත්කර දෙන ගිවිසුමක් ලෙසයි අපි මේක දකින්නේ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව සිටියදී අත්සන් කිරීමට සූදානම් වූ ETCA ගිවිසුම පිළිබඳව සම්මන්ත්‍රණ පවත්වමින් ඉන් අත්වන විපාක සහ ඉන්දියාවේ දේශපාලන උවමනාව පිළිබඳව කියමින් යන රැස්වීම් මාලාවකදී අනුර කුමාර දිසානායක (18.02.2016) දැක්වූ අදහසට සවන් දෙන්න.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අද ප්‍රකාශ කර සිටිනවා නම් තමන් හොඳ නිසා මේ ගිවිසුම හොඳ වෙනවා කියා අපට කිව හැකි ඒ එසේ නොවන බව.

අනුර ප්‍රකාශ කර සිටින ආකාරයටම මේ ගිවිසුම හරහා සිදුවන්නේත් ඉන්දියාවේ දේශපාලන උවමනාව. දැනටමත් ඉන්දියාවේ දේශපාලන උවමනාවට යට වී සිටින අනුරලා සමස්ත රටේ ජනතාවගේම ජීවත්වීමේ අයිතිය ඉන්දියාවට පවරා දීම සඳහා දරන උත්සාහයක් ලෙස මෙය හෙලා දැකිය යුතුයි .

leave a reply