Breaking News

කම්කරුවන්ව තවත් වැඩියෙන් සූරං කන්න ඉඩ දෙන්න – හාම්පුතුන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලයි

කොරෝනා වසංගතය හේතුවෙන් සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් තම ලාභ අරමුනු ආරක්ෂා කරගන්නට අවසර ලබාදෙන මෙන් හාම්පුතුන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

මෙරට දැවැන්ත ව්‍යාපාරික සමාගම්, වතු සමාගම් ඇතුලු පෞද්ගලික අංශය නියෝජනය කරන හාම්පුතුන්ගේ සංගමය වෙනුවෙන් තම්කරු ඇමතිවරයාට ඉල්ලීම් මාාවක් සහිත ලිපියක් යවමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

හාම්පුතුන්ගේ සංගමයේ අධ්‍යක්ෂ වශයෙන් කණිෂ්ක වීරසිංහගේ අත්සනින් මෙම ඉල්ලීම අප්‍රේල් 25 වැනිදා කම්කරු ඇමති දිනේශ් ගුණවර්ධන වෙත යොමුකර ඇත.

එම ඉල්ලීම් අතර කම්කරුවන්ගේ අයිතිවාසිකම් මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන කරුනු ඇත. ඒ අන්දමට සේවක හිමිකම් නොසළකා සිදුකරන ලද ඉල්ලීම් කිහිපයක් මෙසේය.

මාස3-6ක කාලයක් දක්වා සේවකයන් සති අන්තවල හා ප්‍රසිද්ධ නිවාඩු දිනවල, අමතර දීමනා කිසිත් නොමැතිව සේවයේ යෙදවීමට අවසරදීම

දෙසැම්බර් මස දක්වා පැය 45 වැඩ සතිය පැය 50ක් ලෙස දිගුකිරීමට අවසර ලබාදීම

දින 4 හෝ 5ක වැඩ සතියක් තුළ අතිකාල හෝ වෙනත් දීමනා නොමැතිව සේවයේ යෙදවීමට අවසර ලබාදීම

යම් ආයතනයක ‘සේවකයන් වෙනත් ආයතනවලට ණයට දීමේ ක්‍රමයක්’ ඇති කිරිම

අවශ්‍යතා අනුව, ‘සාමුහික ගිවිසුම්’ අත්හිටුවීමට හෝ යළි සාකච්ඡාකර එකඟතා ඇතිකර ගැනීමට අවසර දීම

කම්කරු ආරවුල් නිරවුල් කිරීමේදී කම්කරු දෙපාර්තමේන්තුවට සහ කම්කරු කොමසාරිස් සතු ධාරිතාව වැඩි කිරීම

කොන්ත්‍රාත් වැනි තෙවන පාර්ශ්වයේ සේවකයන් යොදා ගැනීමට ඇති අවස්ථා වැඩි කිරීම

වැටුප් සම්බන්ධ නැවත සළකා බැලීමට අවස්ථා ඇති කිරීම

සේවකයන්ට වෙනත් ස්ථානවල රැකියා කිරීමට හැකිවන පරිදි ‘වැටුප් රහිත නිවාඩු’ ලබාදීමට ක්‍රමයක් ඇති කිරීම

සේවකයන් මාස බාගයක සේවයේ යෙදවීමෙන් වැඩකරන දිනවලට ඒකාබද්ධ වැටුප් සහ ඉතිරි මාස බාගයට සම්මත අවම වැටුපෙන් අඩක් ලබාදීමට අවසරය ලබාදීම

වැටුපෙන් ප්‍රතිශතයක් පමණක් ලබාදී සේවකයන් අත්හැරීමේ ක්‍රමයක් ඇති කිරීම සහ සේවක අරමුදල් ගෙවීමෙන් නිදහස් කිරීම

හාම්පුතුන්ගේ සංගමය සමඟ ඒකාබද්ධව පෞද්ගලික අංශයේ සේවක අවශ්‍යතා වෙනුවෙන් රැකියා බැංකු ක්‍රමයක් ඇති කිරීම

හාම්පුතුන්ගේ සංගමය විසින් මෙම පහසුකම් ඉල්ලා ඇත්තේ හාම්පුතුන් වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් සපුරාගැනීමට අරමුදල් ලෙස මුල්‍ය පැකේජ ලබාදීම, පොළි සහන සහිත ණය ලබාදීම, බදු සහන ලබාදීම වැනි සහන ලබාදීමේ ඉල්ලීම්ද සමග ඊට අමතර වශයෙනි.

උපුටා ගැනීම – ලංකා වීව්ස්  

leave a reply