Rebuilding Sri Lanka අරමුදල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව හර්ෂ කියයි .

ආපදා තත්වය හමුවේ වැටී ඇති රට යළි ගොඩනැගීම  අරමුණු කරගෙන රජය විසින් පිහිටුවනු ලැබූ  Rebuilding Sri Lanka අරමුදල තැන්පතු 19000 කින් ලද ආධාර රුපියල් මිලියන 300 ය ඉක්මවා ඇතැයි මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම  ප්‍රකාශ කර සිටියා. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන්  දෙසැම්බර් තුන්වනදා පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ  කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා  පෙන්වා දුන්නේ   පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මෙවැනි අරමුදලක් ගොඩනැගීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය 

XVII වන පරිච්ඡේදය

මුල්‍යය

148. රාජ්‍ය මුල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේ ය. පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ නීතියක හෝ පවත්නා යම් නීතියක හෝ අධිකාරය අනුව හෝ ඒ යටතේ හෝ මිස කිසිම පළාත් පාලන ආයතනයක් විසින් හෝ වෙනත් පොදු අධිකාරයක් විසින් හෝ කිසිම බද්දක්, වරිපනමක් හෝ වෙනත් යම්කිසි බදු විශේෂයක් නියම කිරීමට බලය නොමැත්තේය.

ඉහත වගන්තියට අනුව රට විසින් වියදම් කරන හා රට වෙත ලැබෙන සියළු මුදල් පිළිබඳ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව සතු වන බැවින් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එවැනි අරමුදලක් ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බව  හර්ෂද සිල්වා පෙන්වා දුන් අතර දැනට පවතින්නේ මුදල් නියෝජ්‍ය ලේකම්වරයාගේ සහ මහ බැංකු අධිපතිවරයාගේ ගිණුම් අංක පමණක් බවත්, නීත්‍යානුකූලව පිහිටවූ අරමුදලක් නොමැති බවත්යි . “එවැනි අරමුදලක් තිබේ නම්, එය රටට හෙළි කරන ලෙස අපි ඉල්ලා සිටිනවා” යනුවෙන්ද මන්ත්‍රීවරයා රජයට අභියෝග කළේය.

Share post:

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...

22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්...

උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට...

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...