වගකීම් සහගත මොහොතක්

ලංකා ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපතක් සිදුවී තිබෙන මේ  මොහොතේ අර පරිස්සමින් වගකීම් සහගතව පුරවැසි මාධ්‍යකරණයේ නියැළීමට සියලු දෙනාම වග බලා ගත යුතු බව අපගේ ස්ථාවරයයි . දේශපාලන භේදයන් ආගමික බෙදීම් ජාති කුල මල කිසිවක් මේ මොහොතට අදාළ වන්නේ නැත . 

ඇති අයගේ තිබුණු දේත් නැති අයගේ සුළු දේත් දැවැන්ත ගංවතුරට ගසාගෙන ගොස් සියල්ලන්ම එක හා සමාන ලෙස අසරණයන් බවට පත්වී ඉන්න මොහොතක  ඔවුන් කාටත් සහන සැලසීම වෙනුවෙන් නුෂ්‍යත්වයේ අසිරිමත් ගුණාංගය  මුදුන් කරගත් මිනිසුන් ලෙස ඒකරාශී විය යුතු මොහොතකි මේ උදා වී තිබෙන්නේ. 

විවිධ බොරු ප්‍රචාර පතුරුවමින් මිනිසුන් නොමග යැවීමෙන් මෙන්ම , මේ විපත ඇතුළේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා බොරු ප්‍රචාරයන් පතුරවා හැරීමෙන්  අප වැළකිය යුත්තේ අප මුහුණ දෙන මොහොත දේශපාලන වාසි ලබා ගැනීමේ මොහොතක් නොවන බැවිණි . 

ඉතින් ඔබට හැකි සෑම තැනකදීම එකතුව අපේ සහෝදර ජනතාව වෙනුවෙන් කළ හැකියි දේ කරන්න .

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...