වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබේ.

අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද (3) දින වරෙන්තු නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් බව පැවසෙන රජයේ වාහන 40ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කර ඇති නඩුවකට අදාළව මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව පැවසේ.

හිටපු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 40ක් සිය පක්ෂයේ කටයුතු සඳහා අවභාවිතා කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 09කට අධික පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...