හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබේ.
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද (3) දින වරෙන්තු නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් බව පැවසෙන රජයේ වාහන 40ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කර ඇති නඩුවකට අදාළව මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව පැවසේ.
හිටපු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 40ක් සිය පක්ෂයේ කටයුතු සඳහා අවභාවිතා කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 09කට අධික පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.






