සුළි කුණාටුවෙන් දරුවන්ට රැසකට පීඩා – UNICEF

‘දිට්වා‘‘ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු ගංවතුර සහ නායයෑම්වලින් දරුවන් 275,000 ක් පීඩාවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙරට නියෝජිත එමා බ්‍රිග්හැම් ප්‍රකාශ කර තිබේ .

සුළි කුණාටුවෙන් ළමයින්ට එල්ල වු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මූලික ඇස්තමේන්තුවක් සිදුකළ බවත් එහිදී මෙම කරුණු අනාවරණය වු බවත් ඇය පවසා ඇත.

තවමත් මාර්ග සහ සන්නිවේදන අවහිරතා තිබෙන බැවින් එම ගණන තවත් ඉහළ යා හැකි බව ඇය පෙන්වා දෙයි.

මෙරට ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් දැඩි අවදානමට ලක්වූ මෙරට ජනතාව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තවත් අර්බුදයට ලක්ව ඇතැයි ඇය ප්‍රකාශ කර තිබේ.

ලෝක බැංකුවේ නවතම වාර්තාව අනුව 2019 සිට 2024 වනවිට මෙරට දුගීභාවය සියයට 11.3 සිට 24.5 දක්වා දෙගුණ වී ඇති බවත් මෙරට මිලියන ගණනක පවුල්වලට ජීවත්වීම පවා අපහසුවී ඇති බවත් බ්‍රිග්හැම් සඳහන් කර ඇත.

මෙරට බොහෝ පවුල්වලට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම පවා අභියෝගයක් වී ඇතැයිද ඇය ප්‍රකාශ කරයි.

ළමයින්ට සහා ළමයින්ගේ ආරක්ෂාවට මෙන්ම යහපැවැත්මට අවශ්‍ය සේවාවලට දිට්වා සුළි කුණාටුවෙන් බාධා එල්ලවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල දැඩි කනස්සල්ලට පත්වන බවද ඇය සඳහන් කර තිබේ .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...