Breaking News

පසුගිය වසර 08දී ඉහළම උණුසුම වාර්තා වෙයි

එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO)වාර්තාවකට අනුව පසුගිය වසර අට මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර අට ලෙස හඳුනාගෙන තිබේ.

මෙම වාර්තාවට අනුව wmo පුරෝකතනය කරන්නේ ඉදිරියේ එළඹෙන සෑම වසරක්ම වාර්තාගත ලෙස උණුසුම් වනු ඇති බවයි.

කාබන්ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වායු විමෝචනය අඛණ්ඩව සිදුවන බැවින් වායුගෝලයේ වාර්තාගත මට්ටමක පවතී. ප්‍රබල හරිතාගාර වායුවක් වන මීතේන් හි වාර්ෂික වැඩිවීම වාර්තාගත ඉහළම අගය විය. මේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇතිවූ නියඟ, ගංවතුර සහ උණුසුම් වායු දහරා හේතුවෙන් මිලියන ගණන් ජනතාවට මිලියන ගණන් දේපළවලට හානිවී ඇති බව එම වාර්තා වේ දැක්වේ.

මීට වසර 30 කට පෙර මුහුදු මට්ටම දැන් දෙගුණයක් වේගයෙන් ඉහළ ඇති අතර සාගර වෙන කවරදාටත් වඩා උණුසුම්ව ඇත. පසුගිය දින කිහිපය පුරා ඇල්ප්ස් කඳුකරයේ ග්ලැසියර දියවීම වාර්තාගත ලෙස ඉහළ යනු ලැබීය. එය මුහුදු මට්ටම ඉහළ යාම මිලියන ගණනක වෙරළබඩ වැසියන්ට සහ පහත් ප්‍රාන්තවලට දිගුකාලීන හා ප්‍රධාන තර්ජනයක් බවට පත්ව ඇත.

WMO මහලේකම් මහාචාර්ය පෙටේරි ටාලස් මේ පිළිබඳව සඳහන් කර තිබුණේ උණුසුම වැඩි වන තරමට බලපෑම් නරක අතට හැරෙන බවයි.

ඉහළ යන ගෝලීය උණුසුම ලොව පුරා ආන්තික කාලගුණය වඩාත් දරුණු වෙනස්කම් වලට ලක් කරයි. එනම් wmo වාර්තාවේ සඳහන් කරන නැගෙනහිර අප්‍රිකාවේ නියඟය හේතුවෙන් මේ වන විට මිලියන 19 ක් පමණ ජනතාව දැන් ආහාර අර්බුදයෙන් පීඩා විඳිති. එයට හේතු වූයේ අඛණ්ඩව සෘතු හතරක් සඳහා සාමාන්‍ය අගයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීමයි.

පසුගිය දා පාකිස්තානයට බලපෑ විනාශකාරී ගංවතුර, අවම වශයෙන් 1,700 මරණ සහ මිලියන 7.9 ක ජනතාවක් අවතැන් කිරීමට සමත් විය. දකුණු අප්‍රිකාවට පහර දුන් සුළි කුණාටු මාලාවක් ඇති වූ අතර උතුරු අර්ධගෝලයේ ඇති වූ සුවිශේෂී තාප තරංග හේතුවෙන් චීනය වාර්තාගත ලෙස එහි දීර්ඝතම තාප තරංගය අතුවිඳිනු ලැබීය. එක්සත් රාජධානිය පළමු වරට 40C පසු කළ අතර Rhine, Loire සහ Danube ඇතුළු යුරෝපීය ගංගා බොහෝමයක් නටඹුන් බවට පත් විය. කැලිෆෝනියාවේ නිරන්තරව ඇතිවූ ලැව්ගිණි හේතුවෙන් සුවිශාල වන විනාශයක් සිදු වූවා පමණක් නොව ජීවිත මෙන්ම දේපළ හානිද විශාල වශයෙන් සිදු විය. ඉයන් සුළි කුණාටුව කියුබාවේ සහ ෆ්ලොරිඩාවට විශාල හානියක් සහ ජීවිත හානි සිදු කරනු ලැබීය.

.

leave a reply