සීලවතීලා

එතී ගෙතී හැදුනත් බොහෝ ගැහැනුන් ගස්වලට බර නැත.

ඉදල් අරන් කොහු තෝරන් තමන්ගේ මිදුල් නොව අනුන්ගේ මිදුල් ,වතු,උයන්,මාවත් පිසින ගැහැණුන්ද

තේ රබර් වතු මැද රබර් මෙන් නොඇලී තේ ගස් ලෙස ජීවිත කප්පාදු කරගෙන තවත් ජීවිත දළු,මල්,කොල රකින ගැහැණුන්ද

කාන්තාර ක්ශේමභූමිවල ඇපල්,රටඉඳි දැක දැකත් හිඹටු මාදං සුවඳට තාමත් ඉව අල්ලන ගැහැණුද

බුරුල් සරං ගැටවල ලිස්සුම් ඉඳිරියේ නයිලෝන් සාරිගැට තද කරගන්නා ගැහැණුන්ද

ජාතක දරුවන්ට අවජාතක ලේබල් වැදෙද්දීත් සුජාතකබව රැකන් ජීවත වියකරන ගැහැණුන්ද

මා ජීවිතයේ ප්‍රියකරන ගැහැණු න්‍ ය. ඔවුහු තම ජීවිත තවත් ජීවිත උදෙසා කැපකළ විශිෂ්ඨ ගැහැණුන්‍ ය.

සීලවතී අම්මාද එසේමය. වයස අවුරුදු අනූවේදීත් ඇය ඇගේ හා අනෙකාගේ හුස්ම වෙනුවෙන් මහපාරේය.

සමස්ත ජනගහනයෙන් 12% ක් වූ වැඩිහිටි ජනගහනය නියෝජනය කරන ඇය සුවෙන් සැනසුමෙන් ගතකළ යුතු කාලය ජීවිත සිඟමනේ ය.

වියපත් ඇගේ සිනහව, අසරණ බැල්ම,වියපත් වුවත් ජරපත් නොවූ මුහුණු හැඩරුව ඇය නියෝජිත පරිසරය අවභාවිත කරයි.

සීලවතී අම්මාගේ ගැහැණුකම හූරාකන්නේ ඇගේ පිරිමි පුතුන්‍ ය. සුරාව,සූදුවට ඇබ්බැහි පුතුන් ඇය සිඟමනේ යොදවා මුදල් හොයයි.

මේ ලිපිය ආරම්භයේ සඳහන් කළ ගැහැණුන් සිල්ලෝම හූරාකන ගැහැණුන් ය.

සමහර විට එය සමීපතමයන් අතින් ය.

එය ගැහැණුක්මේ ගිණුමට ම බැරකළ නොහැක.ඒ වූකලී දුබලතාවයයි.

දුබලතැන් යනු ප්‍රබලයන් බිහිකරන තැනයි.

ආර්ථික ,කායික,ලිංගික,අධ්‍යාපනික දුබලකම් සමාජයකට නොගැළපෙන ප්‍රබලයන් නිර්මාණය කර‍යි.

ආර්ථික ,කායික ,ලිංගික ,අධ්‍යාපනික දුබලකම් රටක් සදාතනික අබ්බගාතක සාධකයෝය.

මේ ඉන්නේ සියක් වසක් ආයුවිඳ සැනසුම් සුසුම් හෙළු සීලවතී අම්මාය.

(තොරතුරු ලබාදුන් ජායාරූප ශිල්පී රංගට ස්තුතිය !)

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...