විපතට පත් ප්‍රදේශවල සහන සේවාවේ ‘අසිරි හදවත!

” ව්‍යසන මැද මනුෂ්‍යත්වය ” මැයෙන් ‘අසිරි හදවත ( Glorious Heart ) සංවිධානය මගින් ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහන දිස්ත්‍රික් ගණනාවක් ආවර්ණය කරමින් ක්‍රියාත්මක වෙනවා .

කොළඹ, පුත්තලම, අනුරාධපුර, බදුල්ල, පොළොන්නරුව, මඩකළපුව, ත්‍රීකුණාමලේ වැනි දිස්ත්‍රික්වල ඊයේ සහ අද දිනයේ ‘අසිරි හදවත’ සාමාජිකයන් පොදු ජනතාව සමග ඒකරාශි වී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන කලා.

විපතට පත් වූවන්ට ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම, ගංවතුර සහ නාය යාම් හේතුවෙන් හානි වූ නිවාස පිළිසකර කිරීම, රෝහල් සහ පාසල්වල පිළිසකර කිරීම් සඳහා මැදිහත් වීම, සෞඛ්‍ය සායන සහ ඖෂධ ලබාදීම, වැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා .

දහස් ගණනක් පොදු ජනතාවගේ ශ්‍රම දායකත්වය සහ විවිධ පරිත්‍යාගයන් මේ සඳහා ලබා දෙනවා .

අද සහ ඊයේ දිනවල ‘අසිරි හදවත’ මගින් සංවිධානය කළ වැඩසටහන් කිහිපයක්

දෙකටන කලුකොඳයාව ශ්‍රී විජයාරාමයේ වෛද්‍ය සායනය සහ ඖෂධ ලබාදීම.

අවිස්සාවේල්ල ශාන්ත මේරි විද්‍යාලයේ පිළිසකර කිරීම් සඳහා මැදිහත් වීම.

කටාන මඩවල මහදූව ප්‍රදේශයේ විපතට පත් ජනතාවට අත්‍යාවශ්‍යය ද්‍රව්‍ය බෙදා දීම.

පාදුක්ක මාවතගම, පිටිගහහේන ප්‍රදේශයේ පවත්වන ලද වෛද්‍ය සායනය.

පොළොන්නරුව ගල්ලෑල්ල අල් අස්හර් මහවිද්‍යාලයේ පිළිසකර කිරීම් සඳහා මැදිහත් වීම.

අනුරාධපුර රාජාංගණය ප්‍රදේශයේ යාය 02, 10 ඇළ ප්‍රදේශවල ගංවතුරෙන් හානි වූ ළිං පවිත්‍ර කිරීම.

කැලණිය සිංහාරමුල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය සායනය.

හලාවත ප්‍රදේශයේ හානි වූ නිවාස සහ පාසල් පිළිසකර කිරීම.

කෑගල්ල මූදු ගොමුව ප්‍රදේශයේ පානීය ජල ළිං පිරිසිදු කිරීම.

කිරිබත්ගොඩ මායා මාවත ජනතාවට වියළි ආහාර බෙදා දීම.

අනුරාධපුර යහසිරිපුර ගංවතුරෙන් හානි වූ නිවාස පිළිසකර කිරීම.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...