ලංකා ගුරු සංගමය විසින් මෙහෙයවූ උද්ඝෝෂණක් අවසානයේ නිවෙස්වලට යමින් සිටි ගුරුවරයින් ,ගුරුවරින්න් පිරිසක් අත්අඩංගුවට ගැනීමක් ගැන නඩුවකින් වසර හතරකට පසු සියලුම ගුරුවරුන් නිදහස් කල පුවතක් මෑතකදී වාර්තා වුනි.
එසේම හිතුමතේ රටේ ජනයාව අත්අඩංගුවට ගෙන බංධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්ගේ මුද්‍රාව අවභාවිතා කිරීම නොකල යුතුයැයි හැගවෙන නඩු තින්දුවක් ලංකාවේ උපරිමාධිකරණයෙන් දෙනු ලැබු බවට මතකයක්ද ඇත
ස්වීට්සර්ලන්තයේ 2025 මුල් කාලයේදී පොලිස් අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයින් ගනන 6994 ක් බව සංඛ්‍යාලේඛන පවසන්නේ(Bundesamt für Statistik (BFS)
ඉන් 62% ක් සිර දඩුවම් හිමිවූ අය.මෙහි ජනග්‍රහණය මිලියන 9 කට ආසන්න ගනනක්.
එම ප්‍රමානයට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවේ වැලිකඩ බංධනාගාරයේ පමනක් රදවා සිටිනවා විය හැකියි
නීතිය සහ සාමය රැකීමටයැයි කියමින් හිතූ හිතූ විදියට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් , රක්ෂිත බංධනාගාර ගතකිරීම් මෙහි නොවන්නට එක හේතුවක් තමා සාම නිලධාරීන්ට වගකීම් වගේම වගවීම් ගැන අවබෝයෙන් කටයුතු කිරීමට පුහුනුකර තිබීම
වරක් අපගේ මිත්‍ර නීතීඥ සේනක පෙරේරා ස්වීට්සර්ලන්තයට ආපූ අවස්ථාව අප ප්‍රාන්තයේ මහ අධිකරණය වෙත මා ඔහුව කැදවාගෙන ගියේ මෙහි නීතිය ක්‍රියාවට නැගෙන ආකාරය ගැන යම් අවබෝධක් ලබාදීමට. එහි වගකිව යුතු නිලධාරියෙකු ඒ ගැන හොදින් පැහැදිලි කලා
පොලීසියට ලැබෙන පැමිණිළි වලින් 10% තමා පහල අධිකරණයට යන්නේ.
එකෙනුත් 10% තමා මහ අධිකරණයට යන්නේ.
සුපර්මාර්කෙට්ටුවක හොරකමක් කලාම, පොදු ප්‍රවාහනයේ හොරෙන් ගියාම කුදලාගෙන ගිහින් රිමාන්ඩ් කරන්නේ නෑ .දඩය තැපෑලෙන් ගෙදරට එවනවා.
උද්ඝෝෂණ කිරීම රිමාන්ඩ් කිරිමට හේතුවක් නෙවි.
ලංකාවේ පොලිසිය අතින් කුඩු, ගංජා , බෝම්බ දාලා මිනිසුන්ව රිමාන්ඩ් කොරනවා කීවාම මෙහේ මිනිස්සු පුදුම වෙනවා.
සිරකරු අයිතිවාසිකම් කමීටුව සේම ජන සංසදයේ චිත්‍රාල් පෙරේරා සහෝදරයාගේ හෙලිදරව් කිරීම් ලංකාවේ පොලීසියේ කුරිරුකම් පොලිස් මාෆියාව ගැන හොද විග්‍රහයක්. ඔවුන් විනාස කරන්නේ ලංකාවේ තරුණයන්ගේ ජීවිත විතරක් නෙවි . රටේ අනාගතය .
පොලිස් කොට්ඨාසයෙන් මාසෙකට ගේන නඩු වැඩිවන තරමට රටේ නීතිය wow යැයි හිතන ආන්ඩුවක් , ජනතාවක් ඉන්න රටකට කොහේද අනාගතයක්.
මෑතක්දී ත්‍රස්ත පනත යටතේ මාස නමයක් රදවාගෙන සිටි තරුණයාගේ කතාවම ඇති රටේ ජනාධිපති ඉදලා පොලිස්පති දක්වා පහලට මහජනයාට වගකීම් සහගත විම සහ වගවීමේ දිග පලල තේරුම්ගන්න.
මම කියන්නේ නෑ ස්වීට්සර්ලන්තයේ මාරයි කියලා. හැබැයි මට කියන්න ඕන උනේ වගවීම ගැන . ඒ වගවීම් ජනතාවට පමනක් නෙවි මහජන මුදල් වලටද වගවීමක්. මොකද ඔය ආන්ඩුවේ සහ පොලිස් ඔලමොට්ටල කම්වලට වියදම් වෙන්නෙත් මහජන මුදල්.
මෙහි රැකියාවක් නැති කෙනෙක්ව එලියේ තියලා කෑම, බීම ඉදුන් හිටුන් දීලා නඩත්තු කරන්න ආන්ඩුවට වැයවෙන්නේ මාසේට ෆ්රැන්ක් 2000/- ක් වුවත් රිමාඩ් කලාම දවසට ෆ්රැන්ක් 800/- ක් වත් අවම වැයවෙයි.
ඊට පස්සේ ඌට වේදනා දීමනාත් (Schmerzensgeld) ආන්ඩුවෙන් ගෙවන්න. වෙනවා. ඒකට හේතුව තමා මෙහි ආන්ඩුක්රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පුද්ගලයින්ගේ නිදහස .ජීවිතයට ඇති අයිතිය , කෘර හිංසනයන්ගෙන් සහ වෙනස් කොට සැලකීම් වලින් වැලකීමට ඇති නිදහස ආදීය. මෙහි මරන දන්ඩනය තහනම්.
ඒ වගේම කුඩා කාලයේ සිටම අධ්‍යාපනය තුලින් තමන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් ගැන සැමට දැනුමක් ලබාදෙනවා . එහෙම ඉගෙන ගත්තම රටේ පාලනයට මැදිහත් වෙන්නත් පුලුවන්.
ඒ නිසා තමා රටේ පාලකයින්ට හිතෙන හිතෙන විදියට නීති / රීති හදන්න , ඕන ප්රතිසංස්කරණයක් ගේන්න බෑ.
එවිට ජනතාව ඊට එරෙහිව ජන මත විමසුම් ඉල්ලනවා. ඒවා අධිකරණය කියන්න ඕන් නෑ.
නියමිත අත්සන් ගනන සම්පූර්ණ වුනාම . පෙඩරල් ආන්ඩුවට වගේම ප්‍රාන්ත ආන්ඩුවලට , මෙන්ම පලාත් පාලන ආයතනත් ජන මත විමසුම් දෙන්න වෙනවා.
හොදම උදාහරණයක් ගිය අවුරුදුද්දේ අපේ නගර සභාවේ අය – වැය ඊට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් වූ නිසා ජන මත විමසුමක් දෙන්න උනා.
අපේ නගරයේ ආන්ඩුවේ ගොඩනැගිල්ලක් විකුනන්න නගර සභාව තීරණය කලා. මිනිස්සු ජන මත විමසුමක් ඉල්ලුවා තීන්දුව වුනේ ” උබලා ඕක විකුණන්න ඕන් නෑ , අපේ ළමයින්ට ඒක තියන්න ඇරපල්ලා කියන එක “
රටක නීතියේ ආධිපත්‍යය රකිනවා කියන්නේ හිරගෙවල් පුරවන එකවත් , හිතූ හිතූ වෙලාවට රටේ ජනයා විනෝදාංශයක් ලෙස රක්ෂිත බංධනාගත කරලා, බොරු නඩු පටවලා තම තනතුරේ වගකීම් සහ මහජන මුදල් අවභාවිතා කිරීම නොවන බවයි අවසාන වශයෙන් කීමට තිබෙන්නේ.
ලංකාවේ පොලිසිය අතින් කුඩු , බෝම්බ , ගංජා දාලා තරුණ ජීවිත වනසන එක ගැන රටක් හැටියට අප ලැජ්ජාවිය යුත්තේ , එයින් වැනසන්නේ රටේ අනාගතය වන හෙයින්.
සරත් මාද්දුමගේ