රාජපක්ෂලාගේ දරුවන්ට රටක් හදන්න අපේ දරුවෝ පීඩාවට ලක්කරන රනිල්ගේ පොලීසිය

ඊයේ ගාලු මුවදොර පිටියේදී පැවති සාමකාමී උද්ඝෝෂණය අවස්ථාවේ දරුවන් සම්බන්ධයෙන් පොලීසියේ හැසිරීම ගැන විවේචන එල්ල වෙමින් පවතියි. අරගලය අවස්ථාවේ විවිධ තාඩන පීඩනවලට ලක්වූ කුඩා දරුවා ඊයේ රාත්‍රියේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. එම දරුවා මුහුණ දුන් සිදුවීම් නිසා කම්පන තත්ත්වයකට මුහුණ දී ඇතැයි දෙමව්පියන්ගේ අදහසයි. විරෝධතාවය අවස්ථාවේ පොලිසිය විසින් දරුවාගේ පියාට හිරිහැර කරමින්න් දරුවා පසෙකට අදිනු දැකගත හැකිවිය.

පොලීසිය දරුවන්ට සළකන ආකාරය ගැන තවත් උදාහරණ ඊයේ දැකිය හැකිවිය. තවත් කුඩා දැරියක් සමග සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේදී පොලීසියේ හැසිරීම ඉතා මෙල්ච්ච්ඡ ස්වභාවයක් ගන්නා ලදී. ඊට අමතරවම පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් පිරිස අතරද දරුවෙකු සිටින ලදී. වයස අවුරුදු 15ක් වූ උවිඳු රාජපක්ෂව අත්අඩංගුවට ගෙන ඊයේ දින පැය ගණනක් කොටුව පොලීසියේ තබාගෙන තිබුණි. ඔහුව නිදහස් කෙරුණේද නීතිඥවරුන්ගේ බලවත් ඉල්ලීම පරිදියි.

ඕනෑම අවස්ථාවක වැඩිහිටි ජනතාවට අමතරව විශේෂයෙන් දරුවන් සමඟ කටයුතු කිරීමේදී අනුගමනය කළයුතු කරුණු රැසක් තිබේ. නමුත් රනිල්ලා සහ ටිරාන්ලා මෙහෙයවන පොලීසියට ඒ කිසිදු සදාචාරාත්මක කරුණක් ගැන වැටහීමක් නැති බව පෙනේ.

පසුගියදා පැවති ලෝක ළමා දිනයේදී රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූවේ දරුවන්ට සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමට කැප වන බවයි. නමුත් ඔහු සඳහන් කළේ රාජපක්ෂලාගේ දරුවන් ගැනද යන සැකය ඇතිවේ. පොලීසියේ හැසිරීමෙන් පෙනෙන්නේ ඔහු සඳහන් කළේ අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන් ගැන නොවන බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...