රාජපක්ෂලාගේ දරුවන්ට රටක් හදන්න අපේ දරුවෝ පීඩාවට ලක්කරන රනිල්ගේ පොලීසිය

ඊයේ ගාලු මුවදොර පිටියේදී පැවති සාමකාමී උද්ඝෝෂණය අවස්ථාවේ දරුවන් සම්බන්ධයෙන් පොලීසියේ හැසිරීම ගැන විවේචන එල්ල වෙමින් පවතියි. අරගලය අවස්ථාවේ විවිධ තාඩන පීඩනවලට ලක්වූ කුඩා දරුවා ඊයේ රාත්‍රියේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. එම දරුවා මුහුණ දුන් සිදුවීම් නිසා කම්පන තත්ත්වයකට මුහුණ දී ඇතැයි දෙමව්පියන්ගේ අදහසයි. විරෝධතාවය අවස්ථාවේ පොලිසිය විසින් දරුවාගේ පියාට හිරිහැර කරමින්න් දරුවා පසෙකට අදිනු දැකගත හැකිවිය.

පොලීසිය දරුවන්ට සළකන ආකාරය ගැන තවත් උදාහරණ ඊයේ දැකිය හැකිවිය. තවත් කුඩා දැරියක් සමග සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේදී පොලීසියේ හැසිරීම ඉතා මෙල්ච්ච්ඡ ස්වභාවයක් ගන්නා ලදී. ඊට අමතරවම පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් පිරිස අතරද දරුවෙකු සිටින ලදී. වයස අවුරුදු 15ක් වූ උවිඳු රාජපක්ෂව අත්අඩංගුවට ගෙන ඊයේ දින පැය ගණනක් කොටුව පොලීසියේ තබාගෙන තිබුණි. ඔහුව නිදහස් කෙරුණේද නීතිඥවරුන්ගේ බලවත් ඉල්ලීම පරිදියි.

ඕනෑම අවස්ථාවක වැඩිහිටි ජනතාවට අමතරව විශේෂයෙන් දරුවන් සමඟ කටයුතු කිරීමේදී අනුගමනය කළයුතු කරුණු රැසක් තිබේ. නමුත් රනිල්ලා සහ ටිරාන්ලා මෙහෙයවන පොලීසියට ඒ කිසිදු සදාචාරාත්මක කරුණක් ගැන වැටහීමක් නැති බව පෙනේ.

පසුගියදා පැවති ලෝක ළමා දිනයේදී රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූවේ දරුවන්ට සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමට කැප වන බවයි. නමුත් ඔහු සඳහන් කළේ රාජපක්ෂලාගේ දරුවන් ගැනද යන සැකය ඇතිවේ. පොලීසියේ හැසිරීමෙන් පෙනෙන්නේ ඔහු සඳහන් කළේ අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන් ගැන නොවන බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...