පුරාවිද්‍යාව ගැන ආණ්ඩුවට උපදෙස් දෙන්න සිංහල කමිටුවක්

ආණ්ඩුව සිංහල බෞද්ධ 19 දෙනකුගෙන් යුත් අලුත් පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කර තිබීම සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ.

මේ තත්ත්වය ඇතිව තිබෙන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අයත් ඉඩම් පුරාවිද්‍යා ස්ථාන ලෙස නම්කර ඒවාට ඇතුළුවීම පවා තහනම් කර තිබෙන තත්ත්වයක් තුළ වීම විශේෂත්වයකි. ඊට අමතරව ලංකාවේ ඉතිහාස උරුමයන් සම්බන්ධයෙන් ජාතිවාදී ආකාරයෙන් කටයුතු කිරීම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වෙමින් තිබේ.

කෙසේවෙතත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවිගේ අත්සනින් යුතුව 2025 නොවැම්බර් මස 1 වැනි සෙනසුරාදා නිකුත් කර ඇති අංක 2460/ 56 දරන අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

මෙම පත් කළ පුරා විද්‍යා උපදේශක කමිටුවේ කාල සිමාව 2025.03.10 දින සිට 2027.03.09 දක්වා බල පැවැත්වේ.

පොළොන්නරුව සොලොස්මස්ථාන රජමහා විහාරාධිපති, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති පුජ්‍ය වෙඬරුවේ ධර්ම කීර්ති ශ්‍රී රතනපාල උපාලි නායක ස්වාමීන් වහන්සේ මුල් පුටුවේ තබා ඇති එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී පුජ්‍ය ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ, ආචාර්ය ගල්වැව විමලකාන්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහාචාර්ය පී.බී මණ්ඩාවල, මහාචාර්ය සෙනරත් දිසානායක, සම්මානිත මහාචාර්ය ජගත් වීරසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරා විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය මංගල කටුගම්පොළ, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ආර්.එම්.එම් චන්ද්‍රරත්න, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලිංග අමරසිංහ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, සම්මානිත මහාචාර්ය සමිත මානවඩු, ආචාර්ය රෝස් සෝලංග ආරච්චි, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ශ්‍රියාණි හතුරුසිංහ, රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරා විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය විජේරත්න බෝහිංගමුව, ආචාර්ය බී.ඩී නන්දේව, ආචාර්ය ගාමිණි විජේසුරිය, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය අරුණ රාජපක්ෂ, වාස්තු විද්‍යාඥ හේමන්ත කුමාර බාලචන්ද්‍රය.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...