යුරෝපා සංගමයේ රටවල දිනපතා මරණ සංඛ්‍යාව ඉහළ යයි

නොවැම්බර් 13  වනදා  අවසන් වන විට ලෝකයේ  Coved-19  ආසාදිත රෝගීන් ගණන 5 27 33 290  ලෙස වාර්තා වෙනවා . මේ අතරින් 12 93 183 මරණයට පත්වී තිබෙනවා. අද දිනයේ අවසාන වන විට ලෝකයෙන් වාර්තා වන අලුත් Coved-19 ආසාදිතයින් ප්‍රමාණය හය ලක්ෂය ඉක්මවා ගොස් තියෙන අතර  නවදහසකට වැඩි ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. මෙම මරණ අතරට යුරෝපා සංගමයේ රටවල් වලින් එකතු වන මරණ ප්‍රමාණය 3000 ඉක්මවා තිබීම  දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට සහ බ්‍රසීලයට පමණි.

නොවැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකා  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා වලට අනුව රටේ මුළු ආසාදිතයින් ගණන දාසය දහස් එකසිය අනූ එකක් වන අතර මරණ පනස් තුනක් සිදු වී තිබෙනවා. නොවැම්බර්  දහතුන් වනදා මරණ පහක් වාර්තා වෙනවා.

අද  ඉතාලිය නව ආසාදිතයන් 40 902 ක්  සොයාගනු ලබන්නේ PCR   පරීක්ෂණ 254 908ක් කිරීමෙන් අනතුරුවයි. දැඩිසත්කාර ඒකකයේ  ‍ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 3,230  ක් වන අතර අද දින 550 ක් මරණයට පත් වී තිබෙන බව වාර්තා වෙනවා. Coved-19  ආසාදිත සංකූලතා හේතුවෙන් අද මරණයට පත්වූ ළමා විශේෂඥ වෛද්‍යවරයා ඇතුළුව කොරෝනා  වසංගතය ඉතාලිය ආක්‍රමණය කළ දා සිට  මරණයට පත්වී ඇති වෛද්‍යවරු සංඛ්‍යාව 189කි .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...