අරගලකරුවන්ගේ නම් සහ දුරකථන අංක සහිත ව්‍යාජ ලේඛනයක්

‘ගරු කථානායකතුමා විසින් සර්වපාක්ෂික එකඟතාවක් සඳහා කැඳවීමට නියමිත අරගලකරුවන්’ යන හිසින් යුතුව අරගලකරුවන් 25 දෙනෙකුගේ නම් හා දුරකතන අංක සහිත ලේඛනයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම නම් සඳහන් පුද්ගලයින් පවසන්නේ අදාළ ලේඛණය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එහි එන ඇතැම් නම් පවා ව්‍යාජ ඒවා වන අතර ඔවුන්ගේ දුරකතන අංකද භාවිතාවේ නොමැති ඒවා බවයි අරගලකරුවන් සදහන් කරන්නේ.

එමෙන්ම කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් එවැනි රැස්වීමක් සම්බන්ධයෙන් තමන්ගෙන් කිසිදු විමසීමක් සිදු කර නොමැති බැවින් මෙම ලියවිල්ල අසත්‍ය හා සාවද්‍ය ලියවිල්ලක් බව ඔවුන් පෙන්වා දෙනවා.

උපුටා ගැනීම – news19

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...