අරගලකරුවන්ගේ නම් සහ දුරකථන අංක සහිත ව්‍යාජ ලේඛනයක්

‘ගරු කථානායකතුමා විසින් සර්වපාක්ෂික එකඟතාවක් සඳහා කැඳවීමට නියමිත අරගලකරුවන්’ යන හිසින් යුතුව අරගලකරුවන් 25 දෙනෙකුගේ නම් හා දුරකතන අංක සහිත ලේඛනයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම නම් සඳහන් පුද්ගලයින් පවසන්නේ අදාළ ලේඛණය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එහි එන ඇතැම් නම් පවා ව්‍යාජ ඒවා වන අතර ඔවුන්ගේ දුරකතන අංකද භාවිතාවේ නොමැති ඒවා බවයි අරගලකරුවන් සදහන් කරන්නේ.

එමෙන්ම කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් එවැනි රැස්වීමක් සම්බන්ධයෙන් තමන්ගෙන් කිසිදු විමසීමක් සිදු කර නොමැති බැවින් මෙම ලියවිල්ල අසත්‍ය හා සාවද්‍ය ලියවිල්ලක් බව ඔවුන් පෙන්වා දෙනවා.

උපුටා ගැනීම – news19

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...