IMF විසඳුමක්ද? මර උගුලක්ද?

ලංකාව මේවනවිට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ මොහොතේ ඇති එකම විසදුම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම බව පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසමින් සිටියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා තිබේ.

ඒ පිළිබඳ මූලික සාකච්ඡා ලබන 18 වැනිදා ආරම්භ කරන බවද ඔහු සඳහන් කරයි. බ්ලූම් බර්ග් රූපවාහිනී නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා ලබන සතියේ පිටත්ව යෑමට නියමිතව සිටියි.

මෙයට අමතරව ඉන්දියාවෙන් සහ චීනයෙන්ද මූල්‍ය ආධාර අපේක්ෂාවෙන් සිටින බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කණ්ඩායම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ගැලවුම්කරුවෙක් ලෙස හුවා දැක්වූවත් ඉතිහාස අත්දැකීම් පෙන්වා දෙන්නේ එය මර උගුලක් බවයි. අර්බුදයෙන් ගොඩ ඒම වෙනුවට තව තවත් අපේ රටේ බෙල්ලට තොණ්ඩුව හිරවීමක් බවයි.

උදාහරණයකට ශ්‍රී ලංකාව මුල්වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ 1965 දීය. එජාප ආණ්ඩුව පැවසුවේ රටේ පැවති භාණ්ඩ හිඟය නැතිකර සුඛෝපබෝගී යුගයක් ගෙන ඒමට ඒ හරහා හැකි බවයි. 2022 දී අපි නැවතත් 1965 ට ගොස් තිබේ. නමුත් 1965 දී ඩොලර් 22, 500 (රුපියල් මිලියන 181) වෙනුවට 2022 දී අපි ඩොලර් බිලියන 4 ක ණයක් බලාපොරොත්තු වෙමින් සිටියි. ඒ අනුව මේ ක්‍රමයම ඉදිරයට යාම යනු අනාගතය තවත් භයානක වීමයි.

එසේම මෙම ණය බර පැටවෙන්නේ කා මතද යන්න ඊළඟ ප්‍රශ්නයයි. ඉතිහාසයේ දී සිදුවූ ආකාරයටම මෙම ණය බර දැරීමට සිදුවන්නේ අපේ රටේ වැඩකරන ජනතාවටය.

එම නිසා ගෝඨා එළවීමට සමානව ආණ්ඩුව විසින් ආර්ථික අර්බුදය දුරු කිරීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන අපි සැළකිලිමත් විය යුතුය.
මේ වනවිට ඇදී යන අරගලයේ එයට අදාළ ඉල්ලීම් අනිවාර්යයෙන් ඇතුළත් විය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...