Breaking News

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියන්ට කුනුහරපයෙන් බනින අධ්‍යාපන ඇමති

පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ පැවති සැසියේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි කවිරත්න අතර පැවති උණුසුම් වාදයේදී අධ්‍යාපන ඇමතිවරයා අසැබි වචන පාවිච්චි කිරීම ගැන මන්ත්‍රීවරිය කතානායකවරායට පැමිණිලි කර ඇත.

ඊයේ(23) අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු පිළිබඳ කටයුතු කරමින් සිටි ගුරුවරුන් දෙදෙනෙකු බීමත් පොලිස් නිලධාරීන් විසින් පහරදී අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගත් පියවර පිළිබදව මන්ත්‍රීවරිය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එයට අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරෙන් සෑහීමකට පත්නොවූ ඇය තවදුරටත් මේ පිළිබඳව ප්‍රශ්න කරද්දී කෝපවූ අධ්‍යාපන ඇමතිවරයා අසැබි වදන් පාවිච්චි කරනු දැකිය හැකිවිය.

ඇමතිවරයා සභාව අමතද්දී පාසල් සිසුන්ද ගැලරියේ සිට ඇති බව වාර්තා වේ.

අවස්ථා දෙකකදී සුසිල් ප්‍රේමජයන්ත අසැබි වදන් පාවිච්චි කර ඇති බව රෝහිනී මන්ත්‍රීවරිය පැමිණිලි කොට ඇත.

leave a reply