රමිත් රඹුක්වැල්ලට අධිචෝදනා බාරදෙයි

අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලට අද (11) කොළඹ මහාධිකරණය හමුවේදී අධිචෝදනා භාර දී තිබෙනවා.

මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා භාර දීම සිදු වුණා.

ඉන් අනතුරුව, විනිසුරුවරයා විසින් විත්තිකරු රුපියල් 50,000/-ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.

එමෙන්ම විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියා.

කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ නඩුව ගොනු කර ඇත.

චෝදනාවලට අනුව, 2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර කාලසීමාව තුළ රුපියල් 296,566,444.76ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඇත.

ඉන් රුපියල් 275,302,616.06ක වටිනාකමකින් යුත් මුදල් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.

Share post:

Popular

වෙනත් පුවත්

හෝමාගම පොලිසියේදී සිදුවූ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ තහනම්

හෝමාගම පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී මියගිය බවට සැක...

කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය

මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ...

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...