36වන ඉල්මහ විරු සමරුව අදයි

36වන ඉල්මහ විරු සමරුව අදට යෙදී තිබේ.

1989 නොවැම්බර් 13 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මරණයට පත් වූ අතර සෑම වසරකම එම දිනය අරගලයෙන් මිය ගිය සියලු දෙනා අනුස්මරණය කර ‘ඉල් මහ විරු සමරුව’ ලෙස සැමරේ.

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදි පක්ෂය යන පක්ෂ දෙකම අද විරු සමරු උත්සව දෙකක් සංවිධානය කර තිබේ.

පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ විරු සමරුව අද (13) පස්වරු 3ට දෙල්කඳ පොළ භූමියේදී පැවැත්වේ.

ජනතා විමුක්ති පෙරමුණේ අද (13) පස්වරු 3.30ට කොළඹ, විහා­ර­ම­හා­දේවි එළි­ම­හන් රංග පීඨ­යේදී පැවැත්වීමට කටයුතු කර තිබේ.

පහත කවිය උපුටා ගනු ලැබුවේ Facebook පිටුවකිනි.

කඩදොර පෙනෙන මානේ කන්දක මුදුනේ
රහසිනි අප සෙනෙහෙබර සඳ වැඩ සිටියේ
උලපනෙ යන ගැලක මිනි ගෙඩි හඬපානේ
පහන් තරුව තිබුණේ අළුයම සිහිනේ….

වෘක්ෂයෙන් ගලන සල් මල් සුවඳ ලෙස
සත්‍ය සාසනය බිහි කොට දොරින් දොර
මඟ කිව් දෙවුන්දර බෝසත් ප්‍රදීපය
මරිය මවුන් හට රැකගත නොහැකි විය…

නිල්වලා ඉවුරෙ කඳවුරු බැඳි අඳුර
රන් සඳේ රුවට එදිරිව නැගෙන විට
දේහ ලකුණු කී ජුදාස් පිහිට කොට
දෑත දෙපය බැඳ නිව්වේ අපේ සඳ…

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...