වතු කම්කරු වැටුප් වැඩිකිරීමට අදාළව වාද බේද අමතක වීමට හේතුව

මෙහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජීවන් තොණ්ඩමන් සහ සමගි ජන බලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් යන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකර ඇති හෙයින් තමන් අයවැයට පක්ෂව ඡන්ද භාවිතා කළ බවයි ඔවුන් සඳහන් කර තිබේ.

2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් ඊයේ (14) පස්වරුවේ සම්මත විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී තිබේ.

ඒ අනුව ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විණි.

වතු කම්කරු වැටුප් වැඩිකිරීමේදී රුපියල් 200ක පැමිණීමේ දීමනාව රජය මගින් ගෙවීම සම්බන්ධයෙන් විපක්ෂය සිය විරෝධය පළකර තිබුණි. ඔවුන් පවසන්නේ ජනතාවගේ බදු මුදල් යොදවා එවැනි වැටුප් වැඩිවීමක් සිදු නොකළ යුතු බවයි.

ආණ්ඩුව පවසන්නේ වතු කම්කරුවන් වෙනුවෙන් එවැනි කැපකිරීමක් සිදුකල යුතු බවත් ඔවුන් මේ රට වෙනුවෙන් විශාල දායකත්වයක් සපයනබවයි.

කෙසේවෙතත් මෙම ආණ්ඩුව සහ විපක්ෂය මතු කරන කාරණා හරහා සඟවන කාරණයක් තිබේ. එනම් වතු සමාගම් සහ තේ වෙන්දේසි සමාගම් කොතරම් ලාභ ලබන්නේද යන්නයි. එම ලාභයෙන් කොටසක් එය හිම්විය යුතු වතු කම්කරු ලබා නොදී ඒ බරත් ජනතාව පිට පටවා තිබේ. ඒ හරහා සමාගම්වලට තව තවත් ඔවුන්ගේ ලාභ තර කරගැනීමට අවස්ථාව සැලසේ.

සමාගම්වලට වාසි සැලසෙන එවැනි තත්ත්වයක් තුළ තොන්ඩමන්ලා දිගම්බරම්ලාගේ සහයෝගය ආණ්ඩුවට ලැබීම පුදුමවීමට කාරණයක් නොවේ. ආණ්ඩුව සහ විපක්ෂය ඇතුළු ඔවුන් සියලු දෙනා සිටින්නේ එක පත්තකයි. ඒ වතු කම්කරු ජනතාවගේ පැත්ත නොව සමාගම්වල පැත්තේයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...