වතු කම්කරු වැටුප් වැඩිකිරීමට අදාළව වාද බේද අමතක වීමට හේතුව

මෙහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජීවන් තොණ්ඩමන් සහ සමගි ජන බලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් යන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකර ඇති හෙයින් තමන් අයවැයට පක්ෂව ඡන්ද භාවිතා කළ බවයි ඔවුන් සඳහන් කර තිබේ.

2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් ඊයේ (14) පස්වරුවේ සම්මත විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී තිබේ.

ඒ අනුව ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විණි.

වතු කම්කරු වැටුප් වැඩිකිරීමේදී රුපියල් 200ක පැමිණීමේ දීමනාව රජය මගින් ගෙවීම සම්බන්ධයෙන් විපක්ෂය සිය විරෝධය පළකර තිබුණි. ඔවුන් පවසන්නේ ජනතාවගේ බදු මුදල් යොදවා එවැනි වැටුප් වැඩිවීමක් සිදු නොකළ යුතු බවයි.

ආණ්ඩුව පවසන්නේ වතු කම්කරුවන් වෙනුවෙන් එවැනි කැපකිරීමක් සිදුකල යුතු බවත් ඔවුන් මේ රට වෙනුවෙන් විශාල දායකත්වයක් සපයනබවයි.

කෙසේවෙතත් මෙම ආණ්ඩුව සහ විපක්ෂය මතු කරන කාරණා හරහා සඟවන කාරණයක් තිබේ. එනම් වතු සමාගම් සහ තේ වෙන්දේසි සමාගම් කොතරම් ලාභ ලබන්නේද යන්නයි. එම ලාභයෙන් කොටසක් එය හිම්විය යුතු වතු කම්කරු ලබා නොදී ඒ බරත් ජනතාව පිට පටවා තිබේ. ඒ හරහා සමාගම්වලට තව තවත් ඔවුන්ගේ ලාභ තර කරගැනීමට අවස්ථාව සැලසේ.

සමාගම්වලට වාසි සැලසෙන එවැනි තත්ත්වයක් තුළ තොන්ඩමන්ලා දිගම්බරම්ලාගේ සහයෝගය ආණ්ඩුවට ලැබීම පුදුමවීමට කාරණයක් නොවේ. ආණ්ඩුව සහ විපක්ෂය ඇතුළු ඔවුන් සියලු දෙනා සිටින්නේ එක පත්තකයි. ඒ වතු කම්කරු ජනතාවගේ පැත්ත නොව සමාගම්වල පැත්තේයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...