පක්ෂය තීන්දුවක් ගත්තත් 21 මං යන්නේ නැහැ – මරික්කාර්

21 වන දා විපක්ෂයේ විරෝධතාවයට සමගි ජල බලවේගය සහභාගී නොවන බව අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක S.M මරික්කාර් ප්‍රකාශ කර සිටියා. හෘද සාක්ෂියට එකඟව එම විරෝධතාවයට පෙනී සිටීමට තමන්ට නොහැකි බව ඔහුගේ මතයයි.පක්ෂය තීන්දුවක් ගත්තද ඔහුගේ පෞද්ගලික මතය අනුව ඊට සහභාගී නොවන බව මරික්කාර් පැවසිය .

විරෝධතාවය පැවැත්වීමට ලොකු හදිසියක් පවතින්නේ උසාවියේ නඩු තියෙන අයට සහ හිරේ යන්න ඔන්න මෙන්න කියල තියෙන අයට බව ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා. තමන්ට එවැනි ප්‍රශ්න නොමැති නිසාත් වඳ කොත්තු වඳ සාපි කෝවිඩ් වසංගත සමයේදී මිනී වැලලීම වැනි කාරණා අමතක කර ඔවුන් සමග එකතු විය නොහැකි බව පවසන ඔහුට පක්ෂයේ සහ තමන්ගේ හෘද සාක්ෂිය රැකගැනීම පිණිස එම විරෝධතාවයට සහභාගී නොවී සිටීමට සිදුවන බව අවධාරණය කළා.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...