“අපේ වනාන්තර විකිණීමට නැත” – UN දේශගුණික සමුළු පරිශ්‍රයට ස්වදේශික ජනතාව කඩා වදී

Date:

බ්‍රසීලයේ බෙලෙම් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේ දෙවන දිනයේදී එම ස්ථානයට ස්වදේශික විරෝධතාකරුවන් පිරිසක් බලහත්කාරයෙන් කඩා වැද විරෝධය දක්වා තිබේ.

දීප්තිමත් වර්ණ සහිත පිහාටු හිස් වැසුම් පැළඳ සිටි ස්වදේශික පිරිමින් සහ කාන්තාවන් දුසිම් ගණනක් සමුළුව පැවැත්වෙමින් තිබූ ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සහ කිරීම නිසා බ්‍රසීල පොලීසිය සමඟ ගැටී තිබේ.

මෙම විරෝධතාකරුවන් “අපේ වනාන්තර විකිණීමට නැත” යනුවෙන් සඳහන් බැනරයක් රැගෙන පැමිණ තිබුණි. තවත් සමහරු “ජුන්ටෝස්” (එකට) යනුවෙන් සඳහන් ටී-ෂර්ට් පැළඳ සිට ඇත.

ස්වදේශිකයන් විසින් මෙහෙයවන ලද මෙම විරෝධතාවයකට සිය ගණනක් ජනයා එක්වී ඇති අතර, ඔවුන් සමුළුව පැවැත්වෙන ස්ථානයට පාගමනින් පැමිණ 30 වන වාර්ෂික එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට (COP30) බලහත්කාරයෙන් ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“අපට මුදල් කන්න බැහැ,” යනුවෙන් පවසමින්, පවතින සමුළුව අතරතුර බොහෝ රැස්වීම් වලදී දේශගුණික මූල්‍යකරණය කෙරෙහි අවධාරණය කිරීම ගැන බ්‍රසීලයේ ටපජෝස් ගඟේ පහළ ප්‍රදේශය අසල ටුපිනම්බා ප්‍රජාවේ ආදිවාසී නායකයෙකු වන ගිල්මාර් මෙසේ සඳහන් කර ඇත.

“අපේ ඉඩම් කෘෂි ව්‍යාපාර, තෙල් ගවේෂණය, නීති විරෝධී පතල් කම්කරුවන් සහ නීති විරෝධී දැව කපන්නන්ගෙන් නිදහස් කර ගැනීමට අපට අවශ්‍යයි.”

විරෝධතාකරුවන් පිරිසක් COP හි ප්‍රධාන දොරටුවේ ආරක්ෂක බාධක බිඳ දමා ඇති අතර, ආරක්ෂක කාර්ය මණ්ඩලය දෙදෙනෙකුට සුළු තුවාල ද, එම ස්ථානයට සුළු හානියක් ද සිදු වූ බව සමුළුව පැවැත්වෙන ස්ථානයේ ආරක්ෂාව භාරව සිටි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙකු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබේ. මෙම ස්වදේශික ජනතාව ඔවුන් බලහත්කාරයෙන් ඉවත්කරන තුරුම විරෝධතා සටන් පාඨ කියමින් එම ස්ථානයේ රැඳී සිට තිබේ.

ඔවුන් පවසා ඇත්තේ අප නැතුව අප ගැන තීරණය කළ නොහැකි බවයි.

අධ්‍යාපනය, සෞඛ්‍යය සහ වන සංරක්ෂණ සඳහා සම්පත් අවශ්‍යව තිබියදී එය නොතකා ”නව නගරයක්” සඳහා යයි කියමින් ගොඩනැගිලි ඉදිකිරිම සඳහා සම්පත් යෙදවීම සම්බන්ධයෙන් සමහර ආදිවාසී ප්‍රජාවන් කලකිරීමට පත්ව ඇතැයි බ්‍රසීල සමාජ ක්‍රියාකාරීන් පැවසූ බව ගාර්ඩියන් පුවත්පත පවසයි.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...