Breaking News

ආණ්ඩුවේ මන්ත්‍රීලාට නොපෙනෙන ආර්ථික අර්බුදය

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය වර්තමානයේ 1.9ක් එනම්, පැවතිය යුතු මට්ටමෙන් දශම තුනකට අසන්න සංඛ්‍යාවකින් පහත ගොස් ඇති බවත් එයට හේතුව ආර්ථික බර ඉහළ යාම බවත් පසුගියදා එළිදැක්වුණු එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වාර්තාවක් පෙන්වා දී තිබුණි.

ඒ, “THE REAL FERTILITY CRISIS” ලෙස නම් කර තිබූ වාර්තාව එළිදැක්වීමේදී පැවසුනේ ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සමග කළ සාකච්ඡාවලදී ඊට සහභාගි වූ බහුතරයක් පවුලක් ගොඩ නැගීමට කැමැත්තක් දක්වන නමුත්, ආර්ථික ප්‍රශ්න හේතුවෙන් එලෙස නොකරන සිටීමට සිදුව ඇති බවයි.

වාර්තාව එළිදැක්වීමට සම්බන්ධ වෙමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුලී අඩෙනියි පැවසුවේ, ශ්‍රී ලංකාවේ ජීවන වියදම පසුගිය වසර කිහිපය තුළ දෙගුණයක් වී ඇති බැවින් පිරිස් පවුලක් ගොඩ නැගීමට බලාපොරොත්තුවක් තිබුණ ද එය තාවකාලිකව නවතා ඇති බවයි.

එවකට තිබූ තත්වය අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප අවම වශයෙන් 2000ක් වත් ලබාදිය යුතු බවට සටන් කළ නමුත් මේ වනවිට බඩුමිල අඩුවී ඇති බැවින් රුපියල් 1700ක් ප්‍රමාණවත් බව ජාතික ජන බලවේගයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් පවසන්නේ මේ අතරතුරදීයි.

ඕනෑම අර්බුදයක් අවස්ථාවකදී එය වඩාත් දරුණු ආකාරයට වතු කම්කරු ප්‍රජාව වෙත බලපානු ලබයි. ආර්ථික අර්බුදයට පෙරත් කාලයක සිට ලංකාවේ අඩු දරු උපත්, ළමා මන්දපෝෂණය, රක්තහීනතාවය වැනි කාරණාවල සිට අධ්‍යාපන ප්‍රථිපලවල අඩු මටම් දක්වා ප්‍රශ්න රැසක් දක්නට ලැබුණි.

එයට බලපෑ මූලික හේතුවක් වූවේ වතු කම්කරු ප්‍රජාව වහලුන් ලෙස සළකමින් කිසිදු ආකාරයක සිවිල් අයිතිවාසිකම් ලබා නොදී සොච්චම් වැටුපකට රැකියා කිරීමට සිදුවීමයි.

මේ මොහොත යනු එවැනි තත්ත්වයකදී ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකිව සිටින සහ එම බර විසින් ජනතාව මත විශාල පීඩාවක් ඇති කර ඇති මොහොතකි. එය සමයේ සෑම අංශයකට පැතිර ඇති ආකාරය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වාර්තාවෙන් පැහැදිලි වේ.

මෙවැනි මොහොතක මන්ත්‍රී ස්ලෙවරාජ්ගේ ප්‍රකාශය තක්කඩිකමකි. වතු කම්කරු ප්‍රජාවගේ අරගල පාවාදීමකි.

leave a reply