‘ශාක පෝෂක’ ගෙන්වීමට ජනාධිපතිගේ අනුමැතිය

එළවළු, බඩ ඉරිඟු සහ ධාන්‍ය වැනි වගාවන්වල අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (22) අනුමැතිය ලබාදී තිබේ.

හරිත කෘෂිකර්මාන්තය තව දුරටත් රජයේ ප්‍රතිපත්තිය බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජය කිසිවිටක එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බව ද සඳහන් කර ඇති බව වාර්තා වේ.

අවශ්‍යතාව මත රජයේ මැදිහත්වීමෙන් තොරව කෘෂි රසායනික ද්‍රව්‍ය පෞද්ගලික අංශය මගින් ආනයන කළ හැකි බව ද කී ජනාධිපතිවරයා පැවසුවේ රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙකත් ලබා නොදෙන බවයි.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මේ බව පැවසීය.

කාබනික පොහොර භාවිතය සහ රසායනික පොහොර තහනම් කිරීම මත රට තුළ ඇතිවී තිබෙන ව්‍යාකූල තත්වයට විසදුමක් ලබාගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සළකා වී ඇතුළු කෘෂි භෝග සඳහා ශාක පෝෂක සහ කෘෂි රසායනික ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසා තිබුණි.

රසායනික පොහොර ‘ශාක පෝෂක’ ලෙස හැඳින්වීම පිළිබඳ සමාජ මාධ්‍ය හරහා කතා බහක් ඇතිව තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...